Author: LFN

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවය. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත. අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය පවසයි. ධම්මික නිරෝෂන් නම් අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බවද වාර්තා වෙයි. ජනප්‍රිය පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා තිබේ.

Read More

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල ඊයේ (16) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි. ඊට ප්‍රධාන ආරාධිතයකු ලෙස අද අලුයම දිවයිනට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ද සහභාගී වූවාය. මෙහිදී පාසල් ළමුන් විසින් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ජනරාල් මහාචාර්ය සිරිමලී…

Read More

එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට එම සන්ධානය තීරණය කර ඇත. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසීය.

Read More

කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට එම කාන්තාව සිය සැමියා හා තවත් අයෙක් සමග එක්ව පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ අඹුසැමි යුවළ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. පොතුපිටිය පින්නගොඩැල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණි. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. පහරදීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස දෙකඩ වී තිබූ බව පොලීසිය පැවසුවේය. මළ සිරුර අසල සැකකටයුතු ලී කැබැල්ලක් තිබී ඇති අතර ඒ අනුව පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන ඒ පිළිබඳව පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේදී එම නිල සුනඛයා ප්‍රදේශයේ ඇති ලයිම් කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි පුද්ගලයෙකු අසල නැවතී…

Read More

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම මිල සූත්‍රය ලබන වසරේ (2025) දී ක්‍රියාවට නැගීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බව ද ඒ මහතා කියා සිටියේය. ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක මහතා පැවසීය. ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන දිනයේ සිට දින 16ත් – 21ත් අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකළ යුතුයි. නාමයෝජනා භාරගැනීමේ දිනයේ සිට සති 4ත් – 6ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද…

Read More

යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව ඇතුළු පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අදාළ රටවල් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේය. “එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරා වස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු…

Read More

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය. අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයකට ද ඕද්රි අසූලේ මහත්මිය සහභාගී වීමට…

Read More

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය. පසුගිය 3 වෙනිදා කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ තිබූ නීතිඥ හුසේන් අසාර් සයිතුන් මහතා සහ නීතිඥවරියක වන පාතිමා ජුතයින් මහත්මිය සිය දරුවන් දෙදෙනොට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබූ අතර, එකී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ පිළිබඳ සැකකාර වෛද්‍යවරියට දන්වා වෛද්‍ය සහතිකයක්…

Read More

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා ඊයේ (16) උදෑසන 3.00ට එම නිවේදය නිකුත් කර ඇත. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 55 සහ 75 අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං පැ.කි.මී. පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More