Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනිසි යෝජනාවට මාරාන්තික දඬුවමක්
    Featured

    අනිසි යෝජනාවට මාරාන්තික දඬුවමක්

    By LFNJuly 16, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට එම කාන්තාව සිය සැමියා හා තවත් අයෙක් සමග එක්ව පහරදී ඝාතනය කර තිබේ.

    පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ අඹුසැමි යුවළ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

    පොතුපිටිය පින්නගොඩැල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණි.

    එලෙස ඝාතනයට ලක්ව තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

    පහරදීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස දෙකඩ වී තිබූ බව පොලීසිය පැවසුවේය.

    මළ සිරුර අසල සැකකටයුතු ලී කැබැල්ලක් තිබී ඇති අතර ඒ අනුව පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන ඒ පිළිබඳව පරීක්ෂා කර තිබේ.

    එම අවස්ථාවේදී එම නිල සුනඛයා ප්‍රදේශයේ ඇති ලයිම් කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි පුද්ගලයෙකු අසල නැවතී ඇත.

    ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාවට ඝාතනය වූ පුද්ගලයා අවස්ථා දෙකකදී අයුතු යෝජනා කර ඇති බවය.

    ඒ පිළිබඳව සිය සැමියා දැනුම්වත් කිරීමෙන් පසුව 11 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට ගොස් පහරදීමේදී එම පුද්ගලයා දිවයෑමත් සමග පසුපස හඹාගොස් යළි පහරදී ඇති බව අදාළ සැකකාරිය පවසා ඇත්තේ.

    අනතුරුව සැකකරුවන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.