Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනිසි යෝජනාවට මාරාන්තික දඬුවමක්
    Featured

    අනිසි යෝජනාවට මාරාන්තික දඬුවමක්

    By LFNJuly 16, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවකට අනිසි යෝජනාවක් කළ පුද්ගලයෙකුට එම කාන්තාව සිය සැමියා හා තවත් අයෙක් සමග එක්ව පහරදී ඝාතනය කර තිබේ.

    පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ අඹුසැමි යුවළ ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

    පොතුපිටිය පින්නගොඩැල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණි.

    එලෙස ඝාතනයට ලක්ව තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

    පහරදීමෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හිස දෙකඩ වී තිබූ බව පොලීසිය පැවසුවේය.

    මළ සිරුර අසල සැකකටයුතු ලී කැබැල්ලක් තිබී ඇති අතර ඒ අනුව පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන ඒ පිළිබඳව පරීක්ෂා කර තිබේ.

    එම අවස්ථාවේදී එම නිල සුනඛයා ප්‍රදේශයේ ඇති ලයිම් කාමරයක ඇඳක් මත නිදාගෙන සිටි පුද්ගලයෙකු අසල නැවතී ඇත.

    ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාවට ඝාතනය වූ පුද්ගලයා අවස්ථා දෙකකදී අයුතු යෝජනා කර ඇති බවය.

    ඒ පිළිබඳව සිය සැමියා දැනුම්වත් කිරීමෙන් පසුව 11 වනදා රාත්‍රියේ ඔහුගේ නිවසට ගොස් පහරදීමේදී එම පුද්ගලයා දිවයෑමත් සමග පසුපස හඹාගොස් යළි පහරදී ඇති බව අදාළ සැකකාරිය පවසා ඇත්තේ.

    අනතුරුව සැකකරුවන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202604 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.