Author: LFN
නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම් හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බොටම් ට්‍රොලින් ක්‍රමය වැනි නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වේ. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සතිය තුළ පමණක් බස්නාහිර මුහුදු තීරයේ තිබී කැස්බෑවුන්ගේ සිරුරු 10කට අධික සංඛ්‍යාවක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. මියගිය කැස්බෑවුන් බොහෝ දෙනෙකු ශ්වසනය අපහසුතාවයෙන් මෙන්ම අවල්පත් කැඩීයාම සහ තුවාල සිදුවීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරය වී ඇති බව වනජීවි පශු වෛද්‍ය…
රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරය වී තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගිය දැරිය අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නමැති පුංචි දියණියකි. එම ඛේදවාචකය සිදුව ඇත්තේ පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවය. මියගිය දැරියගේ මව…
කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක්ව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන වලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි. රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම සඳහා එම පැහැරගැනීම සිදුකර තිබුණි. විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද…
තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තවත් කාන්තාවක් සහ පුද්ගලයෙක් ඝාතන වී තිබේ. බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි. පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඝාතනයට ලක්වූ කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමත්ව නිවසට පැමිණ නිතර නිතර පහරදීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. එම ආරවුල් තත්ත්වය නිසාවෙන් ඇය සති දෙකකට පමණ පෙර සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් තිබුණි. පසුව ඇය එම නිවසේ සිට දියනෑමට යමින් සිටියදී ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඇයව ඝාතනය කර තිබේ. සැකකරු මේ…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය. මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා බලපැවැත් වේ. මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. සබරගමුව පළාතේත් මහනුවරසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
ජනතාවට අද සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ එදා ආර්ථික අර්බුදකාරී සමයේ ජනතාව තම ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නිවාසහිමියන්ට සින්නක්කර ඔප්පු පිරිනැමීමේ රන්දොර උරුමය වැඩසහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නිවාසහිමියන් 50,000කට රන්දොර උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
කුඩා පිරිමි දරුවෙකුට වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි. පසුව අනාවරණ වී තිබුණේ අරණායක ඇහැළගස්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකුට මෙලෙස අමානුෂික ලෙස පහර දෙන්නේ දරුවාගේ මිත්තනියගේ සහෝදරියන් දෙදෙනෙකු බවය. පහරදීම දරුවාගේ මව ද පසෙක සිට අනුමත කරන අයුරු අදාළ වීඩියෝවෙන් දක්නට ලැබුණි. මෙම අමානුෂික පහරදීම අසල්වැසි කාන්තාවක විසින් සිය ජංගම දුරකථනය මගින් රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා.”
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් ඊයේ(17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි. කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිත කරන පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් දී තිබුණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පොහොර මිල අඩුකිරීම් ප්‍රකාශයට පත් කර තිබුණි.