Author: LFN
එක්සත් රාජධානියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොළඹ 02 ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, සමන්තුරේ පදිංචි ජින්නා නමැති පුද්ගලයෙකු විසින් එක්සත් රාජධානියේ ගුරු සහායිකා හා අවන්හලක රැකියා ලබාදීම සඳහා කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 40 බැගින් මුදල් ලබාගෙන ඇත. නමුත් පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවීම හේතුවෙන් ඔවුන් විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව දෙහිවල ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට එරෙහිව කාර්යාංශය වෙත මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ. නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය ඊයේ (18) අවසන් විය. එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම විශේෂත්වයකි. මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීම බව වාර්තා වෙයි. 2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බවද මෙහිදී සඳහන් විය. ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේදී මහජන චීන සමූහාණ්ඩුව…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ විමර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (18) අනාවරණයක් කළේය. එහිදී ක්ලබ් වසන්ත සතු වත්කම් පිළිබඳව ද තොරතුරු හෙළිවුණි. අමාත්‍ය ටිරාන් අලස් මහතා, “අපිට දැන් තිබෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතුව හිටපු පුද්ගලයෙක්. එහෙම තොරතුරු තමයි අපේ විමර්ශනවලින් එළියට ඇවිත් තියෙන්නේ.” “කංජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීව පැන්න විදිය නීතිඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන්. මොකද ඒ නීතිඥවරුන් තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරන් ගිහින් පැන්නුවේ. අපි දැන් ඒ අයව අත්අඩංගුවට ගත්තාම ඒ කතාව හොඳට කියනවා. අරන් ගිහින් බෝට්ටුවට දැම්මා…. ඔක්කොම ලස්සනට කියනවා. ඒකයි මම කියන්නේ…
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ සිය නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ත් 60ත් අතර තද සුළං ද ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.”
රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. “දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යන්න ගමින් ගමට යන්න. නගරයෙන් නගරයට යන්න. ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද? ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද? එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්. මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින්…
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.