Author: LFN
තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ. මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද සිටින බව සඳහන්ය. සයනයිඩ් ශරීරගත වීමෙන් ඔවුන් මියගොස් ඇති අතර තායිලන්ත අගමැතිවරයාගේ නියෝගයෙන් ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් හමුව තිබේ. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇත. අද (17) උදෑසන එම සිදුවීම වාර්තා වූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. එලෙස මියගොස් ඇත්තේ, දෙව්මි අමායා නැමැති කුඩා දැරියකි. සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ලෙස ක්‍රීඩා කළ ධම්මික නිරෝෂණ හෙවත් ‘ජොන්ටි’ නැමැත්තාව ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි. අම්බලන්ගොඩ, බෝගහවත්ත, කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 9.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත. ඒ එම නිවෙස්හිමියා ඉලක්ක කරමින් බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කරමිනි. වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ හිසට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් පා ගමනින් පළා ගොස් ඇති බව වාර්තා වෙයි. ප්‍රහාරය එල්ලව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගීවීම සඳහා යාමට නිවෙසින්…
ප්‍රධාන පෙරහැර පහක් එකම දීනයේ යෙදීම හේතුවෙන් කරඬුව වැඩම කරවීම සඳහා දළ ඇතුන් සම්බන්ධ කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ, පෙරහැර සඳහා සම්බන්ධ කළ හැකි අලි ඇතුන් ඇත්තේ 70කට ආසන්න සංඛ්‍යාවක් බවය. “විශේෂයෙන්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයත් සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් එකම දිනවල යෙදීම නිසාත් ඇසල පුන් පොහොය දිනයේ ප්‍රධාන පෙරහැර 5ක එකම දිනක යෙදී තිබීම නිසාත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා අලි ඇතුන් සපයා දීම. එහිදී කරඬුව වැඩම කරවීම හා දේවාභරණ වැඩම කරවීමට දළ ඇතුන් සොයාගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. දැනට අපිට හීලෑ අලි ඇතුන්…
ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා භූකම්පන තත්ත්වයන් ඇති වීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් මාධ්‍ය විමසීමක් සිදුකළේය. එහිදී අදහස් දක්වමින් අතුල සේනාරත්න මහතා පවසා සිටියේ, පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැලුම්තලවල සිදුවන සුළු චලන හේතුවෙන් ඇති වන කම්පනයන් මෙයට හේතුව වන බවය. “එවැනි චලන ඇති වීමට හේතුව තමා ලංකා භූමියේ ඉතා හෙමින් වසරකට මිලිමීටරයක් දෙකක් වූ ප්‍රමාණයකින් එසවෙනවා. තැනින් තැන ඒ එසවෙන ප්‍රමාණයන් වෙනස්. නමුත් විශේෂයෙන්ම පොළොව අභන්තරයේ භූගත ක්‍රියාකාරී තත්ත්වය වැඩි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ ස්ථාන හඳුනාගන්න ඉතාම පහසුයි. ඒවා තුළ තියෙන ඛනිජ සම්පත්වලින්. ඇත්තටම මේ ප්‍රදේශ ඛනිජ සම්පත් බහුල ප්‍රදේශයක්. ඉතින්…
ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගුවේ. අරාබි මුහුද ප්‍රදේශ හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය. ඉහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ලෝක ප්‍රකට රුසියානු ඇන්ටිවෛරස් මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි, අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය මෙහෙයුම් අවසන්කිරීමට තීරණය කර තිබේ. ලබන 20 වනදා සිට එය ක්‍රමානුකූලව සිදුකරන බව කැස්පර්ස්කි ලැබ් සමාගම නිවේදනය කළේය. අන්තර්ජාල අවකාශයේ ආරක්ෂාව පිළිබඳ කරුණු මුල්කරගෙන මෙම රුසියානු සමාගමේ නිෂ්පාදන අමෙරිකාව තූළ අලෙවි කිරීම තහනම් කරන බව බයිඩන් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි. සැප්තැම්බර් 29 වනදා සිට එම තීරණය ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණ ද ඊට පෙරම සිය අමෙරිකානු මෙහෙයුම් නතර කිරීමට රුසියානු සයිබර් ආරක්ෂක සමාගම තීරණය කර තිබේ. අමෙරිකානු රජය පනවන නව සිමාවන් යටතේ කැස්පර්ස්කි ඇන්ටිවෛරස් මෘදුකාංග බාගත කිරීම සහ භාවිතය තහනම් කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය. කැස්පර්ස්කි සමාගම…
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි. 2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය දී තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වෙයි. එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත්කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් ය. ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවත් වාර්තා වෙයි. එම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව පැවසෙයි.