Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනය පළිගැනීමක්
    Featured

    හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනය පළිගැනීමක්

    By LFNJuly 17, 2024No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ලෙස ක්‍රීඩා කළ ධම්මික නිරෝෂණ හෙවත් ‘ජොන්ටි’ නැමැත්තාව ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    අම්බලන්ගොඩ, බෝගහවත්ත, කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 9.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.

    ඒ එම නිවෙස්හිමියා ඉලක්ක කරමින් බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කරමිනි.

    වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ හිසට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

    නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් පා ගමනින් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

    ප්‍රහාරය එල්ලව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගීවීම සඳහා යාමට නිවෙසින් පිටතට පැමිණෙමින් සිටියදීය.

    එලෙස ඝාතනය වුණේ ධම්මික නිරෝෂණ හෙවත් “ජොන්ටි” නමින් හඳුන්වන 41 හැවිරිදි දෙදරු පියෙකි.

    ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රීඩා කර තිබේ.

    පසුව විදෙස්ගතව ඇති ඔහු නැවතවතාවක් විදෙස්ගතවීමේ අරමුණින් සිටඇති බව පොලීසිය සඳහන් කළේය.

    ධම්මික නිවසින් පිටතට පැමිණ ඇත්තේ සැකකටයුතු පුද්ගලයෙකු නිවස අසල පාළු ඉඩමේ සිටින බවට නිවැසියෙක් ඔහුව දැනුවත් කර තිබියදීය.

    මියගිය පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවවල සූදු පිටි පවත්වන අයෙක් වත අතර එම සූදු පිටියකදී කලකට පෙර ඇති වූ ආරවුලක් එම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැකකරයි.

    ඔහුට මීට පෙරද ජීවිත තර්ජන තිබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.