Author: LFN

දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන් ගෙන සිටින රැකියාවක් කරන පුද්ගලයෙක්ට දෛනිකව එක් කෝපි කෝප්පයක් හෝ පානය කිරීමෙන් ජීවිත අවදානම අඩුකරගත හැකි බව චීන වෛද්‍ය විද්‍යාලයක් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. පුද්ගලයකු දිනකට පැය හයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමෙන් දිගුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කෝපි පානය මගින් සිරුරේ ජෛව රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත ගැටලුවල අවදානම අඩු කරන බව පර්යේෂකයින් පෙන්වා දෙයි. මෙය හෙළි වී ඇත්තේ අමෙරිකානුවන් 10,000කට වැඩි පිරිසක් යොදාගෙන වසර 13ක් තිස්සේ සිදුකළ පර්යේෂණයක් ඇසුරිනි.

Read More

පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

Read More

හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. “2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති සියලුදෙනා කැඳවූවා. විපක්ෂය නියෝජනය කරමින් සම්බන්ධන්, සුමන්තිරන් සහ මම එක්වුණා. විපක්ෂයේ අනෙක් පක්ෂ එක්වුණේ නැහැ. එය වැරදියි. රටේ පැවති අර්බුදය ගැන යෝජනා ජනපතිට කියන්න තිබුණා. විපක්ෂ නායක යනු විකල්ප අගමැතිවරයෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. සාකච්ඡාවලට සහභාගීවෙලා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අගමැති මහින්ද ඉවත්වුණොත් අවස්ථාව තිබුණේ…

Read More

මොරටුව, ලක්ෂපතිය රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ බිරිඳ සහ ඇගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. මොරටුව ලක්ෂපතිය රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි. මරණකරු හරේන්ද්‍ර කුමාර නොහොත් ‘පොඩි අයියා’ නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මරණකරු බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් බිරිඳ තම සහෝදරයා නිවසට කැඳවා ඔහුගේද සහාය ඇතිව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවය.

Read More

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් නොකරන ලෙස පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇත්තේ ‍මාතලේ ප්‍රදේශයේ පදිංචි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියකගේ නමට ලියාපදිංචි සිම්පතකින් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් අදාළ සිසුවිය එම සිම්පත භාවිත නොකරන අතර එය භාවිතා කරමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි. නමුත් එම ඇමතුම් ලබාදුන් ක්‍රියාවලිය තුළින් විමර්ශන නොමඟ යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මකවී ඇත්දැයි පොලිසීය සැකපළකරයි. මෙ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වෙනිදා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර…

Read More

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ. එහෙත් පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණයට දැනුම් දී ඇත. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පියුමී හංසමාලි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඊයේ (15) අභියාචනාදීකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන කටයුතු අවසන් වනතුරු පෙත්සම්කාරිය අත්අඩංගුවට…

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි. අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි, සමාජයෙන් තුරන් කිරීම ඉතා හොඳ සැලැස්මක් මත සිදුකරමින් පවතින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය. මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය මාස තුන හතර තුළ පාතාල සාමාජිකයින් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් පසුගිය මාස දෙකහමාරක කාලය තුළ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස්පතිවරයා මෑතක සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පැවසීය. පාතාලයෙන් මේ වනවිට හතරෙන් තුනක් පාලනය කර ඇති බවත් ඉතිරි වී සිටින ටික දෙනෙක් මේ වනවිට සංදර්ශන පවත්වන බවත් පැවසු පොලිස්පතිවරයා, මෙහෙයුම් තවත් තීව්‍ර…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read More