Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාතාලයින්ට පණදෙන්න දඟලන අයට කිසිම අවස්ථාවක් නෑ -පොලිස්පති
    Hot News

    පාතාලයින්ට පණදෙන්න දඟලන අයට කිසිම අවස්ථාවක් නෑ -පොලිස්පති

    By LFNJuly 15, 2024No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි, සමාජයෙන් තුරන් කිරීම ඉතා හොඳ සැලැස්මක් මත සිදුකරමින් පවතින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

    මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය මාස තුන හතර තුළ පාතාල සාමාජිකයින් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් පසුගිය මාස දෙකහමාරක කාලය තුළ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස්පතිවරයා මෑතක සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

    පාතාලයෙන් මේ වනවිට හතරෙන් තුනක් පාලනය කර ඇති බවත් ඉතිරි වී සිටින ටික දෙනෙක් මේ වනවිට සංදර්ශන පවත්වන බවත් පැවසු පොලිස්පතිවරයා, මෙහෙයුම් තවත් තීව්‍ර කරමින් ඔවුන් පාලනය කරන බව ද කියා සිටියේය.

    විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව ඇතැයි පැවසු පොලිස්පතිවරයා, මහජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් බියක් ඇති කරගත යුතු නැතැයි ද පැවසීය.

    පවතින තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටින බවත් ඇතැම් සිදුවීම් සිදුවුවත් එය පාලනය අවශ්‍ය පියවර ගන්නා බවත් මහජනතවාට ඒ සඳහා සහාය ලබාදිය හැකි බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල ඊයේ (14) ප්‍රදර්ශනය කර තිබිණි.

    එම පෝස්ටර්වල “පාතාලයේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා” ලෙසත් ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමමයි” ආදී වශයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබිණි.

    මෙම බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසීය දැනටමත් විමර්ශන ආරම්භකර ඇති බව පොලිස්පතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

    “නැවත වතාවක් මියගිය දරුණු ගනයේ අපරාධකරුවන්ට කවුද පණදෙන්න උත්සාහ කරන්නේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම දින කිහිපයකට පසුව නගරයේ නොයෙක් ස්ථානවල තිබිලා පාතාලයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝස්ටර් කිහිපයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මරාගැනීමේ සටහනක් තමා තියෙන්නේ. එක් කණ්ඩායමකින් එක් අයෙක් මැරෙද්දි අනෙක් 115අය සතුටු වෙනවා. මේ රංගනය අවසන් රංගනය. මේකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.

    දැඟලුවොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලීසියෙන් ලැබෙයි. තමන්ගේ පාඩුවේ රටේ නීතියට ගරු කරලා හැමෝම ජීවත්විය යුතුයි. පෝස්ටර් ගසා ගැනීමෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා තමන් පාතාලයෙක් කියලා. එහෙම වුණොත් වැඩ වරදී”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.