Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්ලබ් වසන්තගේ ‍දේහය තිබූ මල්ශාලාවට ආ තර්ජනය ගැන හෙළිදරව්වක්
    Featured

    ක්ලබ් වසන්තගේ ‍දේහය තිබූ මල්ශාලාවට ආ තර්ජනය ගැන හෙළිදරව්වක්

    By LFNJuly 16, 2024No Comments1 Min Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් නොකරන ලෙස පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇත්තේ ‍මාතලේ ප්‍රදේශයේ පදිංචි කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවියකගේ නමට ලියාපදිංචි සිම්පතකින් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

    කෙසේ වෙතත් අදාළ සිසුවිය එම සිම්පත භාවිත නොකරන අතර එය භාවිතා කරමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

    නමුත් එම ඇමතුම් ලබාදුන් ක්‍රියාවලිය තුළින් විමර්ශන නොමඟ යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මකවී ඇත්දැයි පොලිසීය සැකපළකරයි.

    මෙ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වෙනිදා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, ඔහුගේ ආරක්ෂාව සලකා මහර බන්ධනාගාරයට පසුගිය (14) දිනයේදී මාරුකර යැවුණු බවය.

    ඔහු ජුලි 22 වනදා යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදිනට ඔහු රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

    මේ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය සහ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.