Author: LFN

මාතර බන්ධනාගාරය තුළදී එක් රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපා තුවාල සිදුකර තිබේ. තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (20) දහවල් මෙම සිද්ධිය ඇතිවී තිබේ.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (20) පැවති උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය…

Read More

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (19) ශ්‍රීලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිවූ බවයි. එම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකර සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට එම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබුණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටියේය.

Read More

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 74 ත් අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 11ත් 19ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල )ඉතා ද සුළං ( පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ. මෙම මුහුදු…

Read More

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයෙක් ලෙස කටයුතු කර ඇති ධම්මික නිරෝෂණ ගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්වී තිබේ. එම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ තවත් සැකකරුවෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. “එම ඝාතනයේ පරීක්ෂණ ගැන අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, “මිට සම්බන්ධ වූ තවත් සැකකරුවෙක් සොයාගැනීමට හැකියාව ලැබුණා. ඔහුත් ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගත්තා. ඔහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ ඝාතනය ට තියුණු ආයුධකුත් පාවිච්චි කරලා තියෙනවා. තියුණු කැපුම් තුවාලත් මේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තියෙනවා. මන්නයකින් පහර එල්ල කරලා ඇති බවට තමයි තෙරතුරු අනාවරණය…

Read More

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගෙංගේ පාලම අසලදී ඊයේ (19) සවස පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. ඉන් බස් රථයේ මගීන් සහ රියදුරු ඇතුළු 51 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ එම බස් රථය වන්දනාවේ යන පිරිසක් රැගෙන යාපනයේ සිට කතරගම දක්වා ධාවනය වෙමින් තිබූ බව සඳහන් ය.

Read More

2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාගෙන් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් වත්මන් ගැටලු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි. ඔහු පැවසුවේ සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැකගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,…

Read More

යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුර සිදුවී තිබුණේ අද (19) අලුයම් කාලයේදීය. ගාල්ල කොළඹ මාර්ගයේ තරුණ සේවා මාවත හන්දියේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

Read More

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේය. එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බව අනුර මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා නිවේදනය කර තිබුණි. ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වෙයි. එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙවන් පසුබිමක අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබුණි. එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස්…

Read More