Author: LFN

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක ගොවි පවුල් 3476කට නොමිලේ යූරියා, TSP සහ MOP පොහොර ලබා­දීමේ වැඩ­ස­ට­හ­නක් Qatar Charity සංවි­ධා­නය මඟින් ආරම්භ කිරී­මට කට­යුතු යොදා ඇත. ඒ අනුව කුරු­ණෑ­ගල, මාතලේ හා මොන­රා­ගල දිස්ත්‍රික්ක තුනේ ගොවීන් 3476කට නොමිලේ යූරියා, TSP සහ MOP පොහොර ලබා­දී­මට සැල­සුම් කර තිබේ. මේ ගිවි­සුම අනුව කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ගොවීන් 1476ක් මාතලේ දිස්ත්‍රි­ක්කයේ ගොවීන් 1000ක් හා මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ ගොවින් 1000ක් ද වශ­යෙන් තෝරා­ගෙන ඇත. තෝරා­ගත් ප්‍රති­ලාභී ගොවි පවු­ල­කට යූරියා, TSP සහ MOP පොහොර කිලෝ­ග්‍රෑම් 25ක මිටි­යක් බැගින් සප­යයි. මේ සඳහා වන ප්‍රති­ලා­භීන් තෝරා­ගැ­නීමේ දී දිස්ත්‍රික් ලේක­ම්වරු, ගොවි­ජන සංව­ර්ධන නියෝජ්‍ය සහ සහ­කාර කොම­සා­රි­ස්ව­රු­න්ගෙන් තොර­තුරු ලබා­ගැ­නීම කර තිබේ. ශ්‍රී ලංකාව මුහුණ පා…

Read More

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි. ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවට වන ප්‍රකාශය පදනම් විරහිත බවය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් මෙලෙස අදහස් පළ කළේය. “කියවා බලන්න පොලිස් ආඥා පනත. ගිය වරත් මේ ප්‍රශ්නයකට මුහුණදුන්නා කලින් පොලිස්පතිවරයෙක් සම්බන්ධවත්. ඒ නිසා පොලිස්පතිවරයෙක් එහෙම හදිසියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න අය ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අනුගමනය කළ යුතුයි පවතින නීතිය. පොලිස්පතිවරයාට තම ධුරයේ සේවය කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන…

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (26) අලුයම මියගොස් තිබේ. ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. එහිදී 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගිය අතර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් ඇත.

Read More

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. ඊයේ (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවය.

Read More

ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රජාවගේ ජීවන රටාව සාපේක්ෂව දුෂ්කරව පවතින අතර, ආර්ථීක තත්වයද පහල මට්ට්මක පවතියි. කුඩා නිවාස කිහිපයක් එකිනෙකට සම්බන්ධව දක්නට ලැබුණද ඉඩ පහසුකම් නොමැති වීම සහ වතුකරයේ බොහෝ ගම්මානවලට නිසි මාර්ග පහසුකම්ද, ප්‍රවාහන පහසුකම්ද නොමැත. බොහෝ පවුල් සාමාන්‍ය ආර්ථික මට්ටමින් පෙළෙන අතර, ඔවුන්ගෙන් වැඩි වශයෙන් තේ කර්මාන්තය හා කෘෂි කර්මාන්ත ආශ්‍රිත රැකියා කරමින් ජීවත් වුවද මේ වන විට විවිධ සංස්කෘතියන් හා මුසුවෙමින් පරිවර්තනයකට ලක් වෙමින සිටී. වතුකරයේ ජන ජීවිතය සංවර්ධනයට රජය විසින් විවිධ සංවර්ධන තත්වයන් සම්පාදනය කරන අතර මෙි වන විට ඉන්දිය රජය දැනට තිබෙන ගැටළු අතරින් ඔවුන්ගේ ආරථික මට්ටම දියුණු කිරීමේ තේමාව මුල් කර ගනිමින් ඇතැම් ක්‍රමවේදී යථාර්තයන…

Read More

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (24) අලුයම 3ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළු වේ. ඉහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවරයින්ට හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගනු ලැබූ තීරණය ‍ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කෙරුණි. අතිරේක සාමාන්‍යාධිකාරී ධුරය සඳහා පත්වීම් සිදු කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීමට එරෙහිව ඉංජීනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සමක් විභාග කිරීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ලෆාර්…

Read More

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගල මළසිරුරක් ඊයේ (23) අලුයම පොලීසිය විසින් සොයාගනු ලැබීය. ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවය. විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවය.

Read More