Author: LFN
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රමුඛ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස ඊයේ (31) තීන්දු කර ඇත. අදාළ පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ…
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි. එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා…
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද( 31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවේ ඇයි ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට නිල වශයෙන් දැනුම් දුන් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
බිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. බිබිල මැදගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගන්නා ලද රා ප්‍රමාණය අඩුවෙන් සඳහන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ පෙර වැරදි සඳහන් නොකිරීමට සහ ඉදිරියේදී මේ සම්බන්ධ අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එකී මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර කොස්තාපල්වරයා කඩ කාමරය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ වෙඩික්කරු, යතුරු පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26, 37 සහ 45 යන වයස් සීමාවල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි. පසුගිය 25 වනදා ග්‍රෑන්ඩ්පාස් වඳුලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීරණය ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිටි පුද්ලගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබුණි.
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබුණි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන් ය. එහි ප්‍රධාන කරුණ ලෙස පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා විය. මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය වේ.
පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරු වෙත ලිපියක් යවා තිබේ. අද (30) එම ලිපිය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය. එම සම්පූර්ණ ලිපිය පහතින්.