Author: LFN
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනා සමඟින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවසීය. මෙහිදී හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු අදහස් දක්වමින් පැවසුවේ මහ පොළොවේ යථාර්ථය වටහාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අසමත්ව ඇති බවය.
රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිකරු යුක්තියේ මෙහෙයුමේ දී අයිස් විකුණන බවට නම ඇතුළත් බවට හා එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් සහ පැමිණිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් එම මුදල ඉල්ලා තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි. ඊයේ (02) ප.ව 2.42ට පමණ වත්තල, මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේ දී අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබයි. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුණි.
කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව වාර්තා වෙයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන් ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබේ.
අන්තර්ජාලය හරහා අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් ඇතුළු 08 දෙනෙකු ගාල්ල පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල වරාය පොලිස් වසමේ උඩුගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක් පරීක්ෂා කිරීමේදී මෙම විදේශ ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම සැකකරුවන් අවුරුදු 24 හා 36 අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන්ගෙන් 06 දෙනෙකු චීන ජාතිකයින්ය. අනෙක් දෙදෙනා කසකස්තාන සහ කිර්ගිස්තාන ජාතිකයින් බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 09ක්, ජංගම දුරකථන 73ක් හා සිම්පත් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඊ (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු සහ තවත් දේශපාලන ක්‍රියාකරුවෙකු අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 15ක මුදලක් එලෙස ඉල්ලා අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසීය. පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර තිබේ.
කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපතිවරයා අතර ඊ (01) සිදුකළ සාකච්ඡාවක් අතරතුදීය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සමග අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, “බාධාවකින් තොරව තුන්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්නත් ඒ හරහා අපිට 4 වන වාරිකය ප්‍රමාද නොවී ලබා ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැදගත් අපිට. යම්කිසි හේතුවක් නිසා 04 වන වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වුනොත් රටේ ආර්ථික තත්ත්වයට කිසියම් අහිතකර බලපෑමක් ඇති…