Author: LFN
කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සදහන් කර තිබුණි. කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි. ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන…
”එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සමුළුව ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි. සමුළුව සඳහා සර්වජන බලයේ විධායක කමිටුව නියෝජනය කරන පක්ෂ නායකයින්, නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය. මෙහිදී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.
ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඊයේ (03) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි. මරණකරු තවත් පුද්ගලයින් පිරිසක් සමග කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටින අතර තුරදී ජලපහරකට හසුවී ගසාගෙන ගොස් මෙම මරණය සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වත්තල පොලීසියට අනුයුක්ත රථවාහන රාජකාරී සිදුකරන පොලිස් සැරයන්වරයකු මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. පොලීසිය පැවසුවේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බැවින් ඊ (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවය. මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය. එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත. ඉන් අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇත. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද, අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාත් පත්කර…
කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘එතෙර අපි’ සංවිධානය විසින් එම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි. එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ ඊ (03දා) පැවැති පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයේදී සෙබලුන් විසින් ඉදිරිපත්කළ පැරිෂුට් සංදර්ශනය අතරතුරුදී සෙබලුන් දෙදෙනකු අනතුරට ලක් වී ඇත. මෙහි එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් භාහිරව ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන් බිමට පතිත වී තිබේ. කෙසේ නමුත් මෙම අනතුරෙන් තුවාල ලැබූ පැරිෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන්. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාද සහභාගි වී සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කළේය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, “අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස්…
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 – 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. මෙලෙස ඉහළ මිල ගණන් යටතේ පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකීර්තියට ලක්වන බව ඔහු පෙන්වා දෙයි. අසාධාරණ ලෙස පෙරහැර ආසන විකිණීමට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාල කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවත් මෙලෙස අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙසත් දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.