Author: LFN

සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය. සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල්හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත. මෙම අතුරු තහනම් පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් ය. ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මුදල් අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස් ජනරාලරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම්වලට…

Read More

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පසුගිය මස 26 වනදා ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම් අත්හිටුවා ඇති බවය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් පවතින බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.

Read More

කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා මීට මාස තුනකට පමණ ඉහතදී පිටත්ව ගිය දඹුල්ල වෑවලවැව හුඹස්ගමුව ප්‍රදේශයේ 48 හැවිරිදි චාමිනී වාසනා නම් එක්දරු මවක් සිහිවිකල්ව අසාධ්‍ය තත්ත්වයෙන් යළි ලංකාවට එවීමේ පුවතක් වාර්තා වෙයි. ඇයගේ ඥාතීන් සඳහන් කළේ, දඹුල්ල මූලික රෝහලේ අධි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන ඇය කන්තලේ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කිරීමට නියමිත බවය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය භාර නොගන්නා බවට දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂයට ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට සාකච්ඡා කරමින් ඇති බවය.

Read More

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ය.

Read More

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවය.

Read More

වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබීය. වතු කම්කරු වටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි. මෙම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය. එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය…

Read More

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය. රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය. රටේ බහුතරයක් ජනතාව මැතිවරණ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාසිටින බවත් පැවසු ඒ මහතා, පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ඔවුන් කටයුතු කරන බවත්, රටේ ජනතාව මේ වනවිට “අනුරට රට භාරදෙන්න සුදානම්…” බවත් කියා සිටියේය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කර ඇත. සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, * අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. * දෙවනුව විදේශ පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන්බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. *ආයතන…

Read More