Author: LFN

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ. රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා…

Read More

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය. කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.

Read More

සීදුව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර තිබේ. පොලීසිය සඳහන් කර ඇත්තේ, සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුවම දෙස සිට පැමිණි මෝටර් රථයක් එලෙස පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවය. එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස අසුනේ සිටි පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබේ. දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මෝටර් රථයේ සිටි 38 හැවිරිදි පූගොඩ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන…

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පරිගණක උපාංග 63ක් තුළ සඟවා මෙරටට රැගෙනවිත් තිබියදී සොයාගෙන ඇත. ඒ, කටුනායක බහාලුම් අංගන ප්‍රදේශයක් තුළ ඊයේ (07) සිදුකළ වැටලීමදීය. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර ඇත. ඩුබායි නිපුන නමැති ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව පොලීසිය සැක කරයි.

Read More

ඊයේ (06) රාත්‍රියේ ගම්පහ, තම්මිට ප්‍රදේශයේදී හා ජාඇල මාකෙවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි. මෙම වෙඩිතැබීම් දෙකම එකම වෙඩික්කරු විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය. ජා ඇල – මාකෙවිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.40ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුව රෝහල්ගත කෙරුණි. එලෙස ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණේ 43 හැවිරිදි රංග ජයනාත් හෙවත් කේ.ජී. මංජු නැමැත්තෙකි. පින්තාරුකරුවකු ලෙස රැකියාව කරන ඔහු ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවකු බව පොලීසිය පැවසුවේය. එමෙන්ම ඔහු…

Read More

එරාවුර් පොලිස් වසමේ මිච්චිනගර් ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (06) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 52ක් වූ මිච්චිනගර්, එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර ඊයේ දහවල් කාලයේ හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේ දී ද පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 31ක් වූ නැව්ගල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතන සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වති.

Read More

ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවය. ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙකු සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ තම නිලධාරීන්ට එරෙහි එල්ල වන ප්‍රහාර එක්සත් ජනපදය නොඉවසන බවය. ඉරාක රජයේ ආරක්ෂක මාධ්‍ය අංශය පැවසුවේ දියත් කිරීමට සූදානම් කර තිබූ රොකට් 8ක් සහිත ට්‍රක් රථයක් එරට හමුදා භාරයට ගෙන ඇති බව සහ හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

Read More