Author: LFN
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවය. මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි අදහස් දක්වමින් පැවසීය.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (11) දිනයේ මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් කර ඇති බව එම සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නාය. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය. එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය…
මහනුවර ඇසළ පෙරහැර සමයේ වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට ටොන් තුනක පමණ පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වෙන බව එම අධිකාරිය පෙන්වා දෙයි. මේ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කර ලෙසයි. එමෙන්ම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන මෙන්ද බැතිමතුන්ට සිහිපත් කර සිටී. වසර ගණනාවක සිට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර නගර සභාව සහ මහනුවර පොලීසිය යන ආයතන වල ප්‍රධානත්වයෙන්…
ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවය. “අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා. ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ. අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න. අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත්…
කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබේ. පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දී ඇත.
අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයට අයත් අංක 553 මීවැල්ලෑව ග්‍රාම සේවා තුලානේය. නමින් තිනිපිටිගම වන මෙම ගම්මානයේ පවුල් 20කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ඉන් පවුල් 15ක පමණ උපතින්ම ගොළු බිහිරි අය ජීවත් වේ. එමෙන්ම ඔවුන් ඉතා අපහසුතා මැද ජීවත්වෙන අතර, ගම්මානයට පිවිසීමට හරිහමන් මාර්ගයක් නොමැති පසුබිමක එම ගම්මානයේ වැසියන් බීමට ජලය ලබා ගන්නේද පිටතින් පැමිණෙන ලොරි රථ මඟිනි. තවද බොහෝ නිවාස කටු මැටි හෝ ටකරන් සෙවිලිකර තනාගත් නිවාසය. නිරන්තරයෙන් වන අලීන්ගෙන් බැට කන මෙම ගම්මානයේ වැසියන්නේ ප්‍රධාන ජීවිකාවන් වී ඇත්තේ කුලී රැකියා, සත්ත්ව…
ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසයි. කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයක් එක්ව පසුගිව (08) දිනයේ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. ඊයේ දිනයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. “මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන…