Author: LFN
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ඊයේ 12) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙස නියෝග කර තිබේ. ඊට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම සිසුවියක් එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. එම සිසුවා, මෙම දැරිය මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇය දූෂණය කළ බව වාර්තා වේ. පසුව එම නිවෙසේ සිටි තවත් සිසු පිරිසක්…
ඊ (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය. වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වේ.
ජනාධිපතිවරණ සමය තුළදී නීතිවිරෝධී අයුරින් සුරාබදු බලපත්‍ර 200ක් පමණ ලබාදීමේ සූදානමක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමය ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල භාරදීමෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මහතා, “වත්මන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති අවස්ථාවක සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නෙත් ඔහු. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නව සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් දීමට කටයුතු කරගෙන යන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු නව බලපත්‍ර 6ක් පමණ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (13) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තිබිය දී, පෙරහැර මාර්ගය ආසන්නයේදී වැඩි මිලට ‘බියර් කෑන්’ අලෙවි කළ වෙළෙඳ සැලක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරහැර වීදි සංචාරය කරන විටත් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී ‘බියර් කෑන්’ 12ක් සොයාගත් බව පොලීසිය පවසයි. රුපියල් 550කට මිල නියම කර තිබූ ‘බියර් කෑන්’ එකක් මෙම ස්ථානයේ දී රුපියල් 1,000කට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30,000ක දඩයක් නියම කර ඇත. ඇසළ පෙරහර නිමිත්තෙන්…
ලක්ෂ්මන් කදිරගාමර් කොටි ත්‍රස්තවාදියකුගේ ස්නයිපර් ප්‍රහාරයකින් මිය ගොස් අදට වසර 19ක් සම්පූර්ණ වී තිබේ. 2005 අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ කොළඹ 7 ඔහුගේ නිවසේදී ලක්ෂ්මන් කදිරගාමර් ඝාතකයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් විය. මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු විය. ඔහු කොටි ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව නැගී සිටි අයෙක් වූ අතර කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන සියලු තර්ජන හමුවේ වුවද එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවී සිටියේය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සටන් කිරීමේ කාර්යයට ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ක්‍රියා හෙළිදරව් කිරීම සඳහා ලක්ෂ්මන් කදිරගාමර් උනන්දුවෙන් කටයුතු කළේය. ඔහු කීර්තිමත් ශ්‍රී ලාංකික නීතීඥයෙක් සහ…
අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි. එම කාන්තාව 28 හැවිරිදි බවත් පුරුෂයා 29 හැවිරිදි බවත් පොලීසිය පැවසීය. ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබුණි.
2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී තිබේ. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 17ක් වාර්තා වූ බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (11) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි මැතිවරණ පැමිණිලි 337ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි. බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය අමෙරිකාවට ලබාදුන්නේ නම් තමන්ට තවදුරටත් ධුරයේ රැදී සිටීමට හැකියාව තිබූ බව ඇය සඳහන් කළාය. බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට ඇය නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් රට තුළ උද්ගතවූ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනයවීම වළක්වා ගැනීමට තම ඉල්ලා අස්වීම හේතුවූ බව පෙන්වා දී ඇති ශෙයික් හසීනා රැඩිකල්වාදීන්ට හසු නොවන ලෙස තමා බංග්ලාදේශ ජනතාවගෙන්…