Author: LFN

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 16ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. ඊයේ (13) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ඩුබායි සිට මෙරටට පැමිණි ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම රන් බිස්කට් රැගෙන විත් තිබුණි. ඔහු මෙම රන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන ආ පැති බෑගයක සහ ගුවන්තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති ට්‍රොලියක යට අලවා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට සූදානම් වී තිබුණි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරයි.

Read More

තණමල්විල පොලිස් වසමේ පාසල් දැරිය දූෂණයට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අධ්‍යාපනය ලබමින් සිටි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් මෙන්ම ගුරුවරියන් දෙදෙනෙකි.

Read More

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී ඇති අතර එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා එහිදී මියගොස් තිබූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 15ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 11ක් ලෙස නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් සහ වෙනත් පැමිණිලි 03ක් ලෙස සමස්ත පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය ජුලි 31 සිට ඊයේ (12) දිනය දක්වා සමස්ත පැමිණිලි 366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙහිදි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් වෙනත් පැමිණි 10ක් සහ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

Read More

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර ඇත. එකී වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය…

Read More

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි. දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට…

Read More

ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය. ඊයේ (12) දිනය තුළ පමණක් ඊට අදාළ පැමිණිලි 8ක් ලැබී තිබේ. ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් සහ එස්.එම්.එස් පණිවුඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බව චාරුක දමුණුගල මහතා සඳහන් කළේය. “ෆේස්බුක් ආධාරක කණ්ඩායම යනුවෙන් ඔබට පණිවිඩයක් ලැබෙන්න පුළුවන් ඔබගේ ෆේස්බුක් ගිණුම හෝ පිටුව තාවකාලිකව අත්හිටුවා ඇති බවට. එය නැවත ලබාගැනීමට ඔවුන් වෙත යම්කිසි මුදලක්… ඒත් එක්කම යම්කිසි…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය. පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබේ. ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දී ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය…

Read More

කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි හෙදියට රුපියල් 50,000/-ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය ලෙස කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය. එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් විය.…

Read More

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන මාර්ග අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු යටකරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවය. ඊයේ (12) දහවල් එම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන්කළ කාන්තාවක් රෝහල්ගත කර තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. ශාන්ත රංජිත් නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකු හා බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. කේ. සුමනසිරි නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනවරණය වී ඇත්තේ,…

Read More