Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆේස්බුක් ආධාර කල්ලියක් පෞද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක
    Featured

    ෆේස්බුක් ආධාර කල්ලියක් පෞද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක

    By LFNAugust 13, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

    ඊයේ (12) දිනය තුළ පමණක් ඊට අදාළ පැමිණිලි 8ක් ලැබී තිබේ.

    ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් සහ එස්.එම්.එස් පණිවුඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බව චාරුක දමුණුගල මහතා සඳහන් කළේය.

    “ෆේස්බුක් ආධාරක කණ්ඩායම යනුවෙන් ඔබට පණිවිඩයක් ලැබෙන්න පුළුවන් ඔබගේ ෆේස්බුක් ගිණුම හෝ පිටුව තාවකාලිකව අත්හිටුවා ඇති බවට. එය නැවත ලබාගැනීමට ඔවුන් වෙත යම්කිසි මුදලක්… ඒත් එක්කම යම්කිසි පණිවුඩයක් සමග ඔබගේ තොරතුරු යැවිය යුතු බවට යන පණිවුඩයක්… මෙම පණිවුඩය ඔස්සේ ඇත්ත වශයෙන්ම ෆේස්බුක් ලෙස පෙනී සිටිමින් වංචාවක් සිදුකරන බවට අපට පැමිණිලි ලැබිලා තියෙන්නේ.

    මේ හේතුවෙන් යම් හෙයකින් ඔබගේ ෆේස්බුක් පිටුව තාවකාලිකව අත්හිටුවීමට හෝ අක්‍රියවීමට ලක් වුණොත් කිසිම විටක වට්ස්ඇප් හරහා ලැබෙන යම්කිසි පණිවුඩයක් ඔබගේ පිළිතුර හෝ තාවකාලික ලෙස ඔබගේ තොරතුරු නිකුත් කිරීමක් නොකරන ලෙසට ෆේස්බුක් පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    මෙමඟින් ඔබගේ වටිනා පුද්ගලික තොරතුරු මෙන්ම ඔබගේ ෆේස්බුක් ගිණුමට අදාළ මුරපදය ඇතුළු සංවේදී තොරතුරු ලබාදෙමින් ඔබගේ ෆේස්බුක් ගිණුමට බාහිර පාර්ශවයක් වෙත ප්‍රවේශය ලබාගැනීමක් සිදුවෙන්නේ. ඒ හේතුවෙන් එවැනි පණිවුඩවලට කිසිසෙත්ම පිළිතුරදීමෙන් වළකින ලෙස පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”

    මෙම ජාවාරම ව්‍යාපාරික ෆේස්බුක් ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේය.

    “මේ වාර්තා වුණ සිදුවීම්වලින් බොහෝවිට ෆේස්බුක් පිටු පත්වාගෙන යන යම්කිසි ව්‍යාපාර සම්බන්ධයෙන් එහෙම නැත්නම් පුද්ගලික ආයතන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවා ආහාර සපයන අවන්හල් සම්බන්ධයෙන් තමයි මෙවැනි පැමිණිලි වාර්තා වෙන්නේ. එහිදී බොහෝ වෙලාවට ඒ ව්‍යාපාර සම්බන්ධ ෆේස්බුක් පිටුව වංචාකරුවන් විසින් රිපෝට් කිරීමකට ලක්කරනවා පළමුව. ඊට පස්සේ තාවකාලිකව එම රිපෝට් එක විමර්ශන කරන්න ෆේස්බුක් එකෙන් දවස් දෙකක් අත්හිටුවනවා. ඒ කාලය තුළ අර පිරිස විසින් ව්‍යාපාරයට අදාළ ඒ ෆේස්බුක් පිටුවේ පළ කරලා තියෙන, වට්ස්ඇප් නම්බරයට තමයි ඔවුන් ෆේස්බුක් ආධාරක කණ්ඩායම ලෙස පෙනී සිටිමින් මැසෙජ් එකක් දාන්නේ. මෙකෙන් බොහෝදෙනා රැවටෙනවා මේ පිටුව තාවකාලික අක්‍රියවීමක් එක්ක මේ ලැබෙන පණිවුඩය ෆේස්බුක් විසින් ඔබ වෙත ලැබෙන පණිවුඩයක් කියලා. ඉතින් මේ ඔස්සේ තමයි ඇතැම් ගොඩක් පිරිස් වංචාවලට පෙළබෙන්නේ…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.