Author: LFN

තණමල්විල පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත නිදහස් කර තිබේ. අදාළ සැකකරුවන් ඊයේ (14) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් අමතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ. බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට භාරකාර රජයේ ප්‍රධානියා ට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එමෙන්ම බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයින්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් සිය ආයෝජන කටයුතු සිදුකරන ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා යූනුස් මහතා ට පවසා තිබේ. ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණු වීමට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවයි. මෙහිදි අදහස් දක්වමින් බංග්ලාදේශ ප්‍රධානියා ජනාධිපතිවරයාගේ සුබ පැතුමට ස්තූතිය පළ කර ඇති අතර අවස්ථාවක් ලද විගස බංග්ලාදේශ‍යට පැමිණ රට…

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ බව පවසයි.

Read More

හික්කඩුව නගරයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. ටී56 ගිනි අවියක් අතැතිව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (14) පස්වරුවේදී මෙම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී පොරබදා ගොස් සැඟව ඇති අතර වෙඩිතැබීමට පැමිණි දෙදෙනා පළාගොස් ඇති බවද පොලීසිය පවසයි. එම ස්ථානයේ තිබී ටී56 ජීව උණ්ඩයක්ද හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (14) උදෑසන එම අනතුර සිදුව තිබුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමේදීය. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ගමන් ගත් වෑන් රථයක ටයරයේ හුළං බැසීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ වැදී පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කුඩා දැරියක් මියගොස් තිබේ. එලෙස මියගොස් තිබුණේ කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 02ක දැරියකි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් 12 දෙනෙකු පමණ ගමන් කර ඇති බව පොලීසිය පවසයි.…

Read More

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවය. පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දිනය තුළ එම අනතුරු සිදුව ඇති බවය. පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ආසන්නයේ දී අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ 17 කණුව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර, තැන්නේකුඹුර – රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයේ දී වාහනයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70 ක් වූ මොරවක…

Read More

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම පැවසීය. තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදාය. මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබේ. සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇත. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා…

Read More

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබේ.

Read More