Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත බිලිගත් මාරක අනතුරු
    Featured

    ජීවිත බිලිගත් මාරක අනතුරු

    By LFNAugust 14, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දිනය තුළ එම අනතුරු සිදුව ඇති බවය.

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ආසන්නයේ දී අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ 17 කණුව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මේ අතර, තැන්නේකුඹුර – රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයේ දී වාහනයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70 ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුරට ලක්කළ වාහනයේ රියදුරු පළාගොස් තිබේ.

    මේ අතර කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හංදියේ දී මාතර සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ගමන් කිරීමේ දී බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් තුවාල ලැබු 41 හැවිරිදි බෙලිඅත්තේ පදිංචිව සිටි කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    මේ අතර මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ දී මීරා බාලික විද්‍යාලය ආසන්නයේ දී මඩකලපුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයට හැරවීමට යෑමේ දී තවත් යතුරුපැදියක බදේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටි 20 හැවිරිදි එක් පැදිකරුවෙක් මියගොස් ඇත.

    මේ අතර අරලගංවිල මනම්පිටිය, මැදගම ප්‍රදේශයේ දී මනම්පිටිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් 49 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.