Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත බිලිගත් මාරක අනතුරු
    Featured

    ජීවිත බිලිගත් මාරක අනතුරු

    By LFNAugust 14, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දිනය තුළ එම අනතුරු සිදුව ඇති බවය.

    පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ආසන්නයේ දී අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් වූ 17 කණුව, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මේ අතර, තැන්නේකුඹුර – රාගල මාර්ගයේ මයිලපිටිය ප්‍රදේශයේ දී වාහනයක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70 ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුරට ලක්කළ වාහනයේ රියදුරු පළාගොස් තිබේ.

    මේ අතර කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හංදියේ දී මාතර සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ගමන් කිරීමේ දී බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් තුවාල ලැබු 41 හැවිරිදි බෙලිඅත්තේ පදිංචිව සිටි කාන්තාව තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

    මේ අතර මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ දී මීරා බාලික විද්‍යාලය ආසන්නයේ දී මඩකලපුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයට හැරවීමට යෑමේ දී තවත් යතුරුපැදියක බදේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටි 20 හැවිරිදි එක් පැදිකරුවෙක් මියගොස් ඇත.

    මේ අතර අරලගංවිල මනම්පිටිය, මැදගම ප්‍රදේශයේ දී මනම්පිටිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් 49 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.