Author: LFN
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…
පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් මේ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඊයේ (16) පස්වරු 7.30 සිට අද පස්වරු 7.30 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.
රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය. හික්කඩුව සංචාරක පුරවරයේ දේශීය හා විදේශීය සංචාරකයන් නගරය තුළ ගමන් කිරීමේදී දුර ගමන් සේවා බස් රථ සහ බර වාහන ගමන් කිරීම හේතු කොට ගෙන සංචාරකයන්ට වන අපහසුතාවය මග හැරවීම සඳහා හික්කඩුවේ සිට ගෝන පිනුවල හරහා කුමාර කන්ද දක්වා ගමන් කිරීමට යෝජනා කළ නව විකල්ප මාර්ගය අද( 16) විවෘත කිරීමට නියමිතව තිබිණ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සේවා සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරීස් ඇතුලු නිලධාරීන් පැමිණ මේ උත්සවය නතට කරන ලෙසට මේ…
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ඇති බවය.
මහ මග ගමන් කරමින් සිටි වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි. දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ දමනයාය දම්පුර ප්‍රදේශයේදී මෙම වනඅලියා වෙඩිවැදී මියගොස් ඇත. බකමූණ වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ ඊයේ (15) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නමින් හඳුන්වන වනඅලියෙකි. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම වනඅලියාගෙන් කිසිඳු පුද්ගලයෙකුට කරදරයක් නොමැති බවය. බකමූණ පොලීසියේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලීසියේ ත්‍රිරෝද රථයෙන් මුර සංචාරයක යෙදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් T56 ගිනිඅවියකින් වනඅලියාට වෙඩිතබා…
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවය. තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කළේය. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසිනි. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී තිබුණි.
දිවුලපිටිය – මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ ඊයේ (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ගොඩිගමුව – දුනගහ මාර්ගයේ දිවුලපිටිය දෙසට ගමන් කිරීම සඳහා අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරළි ගොස් දිවුලපිටිය දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ ටිපර් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය. බරපතළ තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර පසු පිරිමි පුද්ගලයා ද මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 30, 38, 45ක් වූ ගොඩිගමුව…
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ඊයේ (15) උදෑසන ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙහිදී එම බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක නව රැකියා සඳහා පත්වීම් ලබාදීමට නොහැකි සේම නව බස් රථ සඳහා ද එම නිර්දේශ ඒ ආකාරයටම බලපවත්වන බවයි. තම සංගමයේ සුඛෝපභෝගී බස් රථ 71ක් ලියාපදිංචි කර තිබුණත්, ඉන් බස් රථ 42ක් දිනකට ධාවනය නොවන බවත් පැවසූ ඉන්දික ගුණසේකර මහතා පෙන්වා…
ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසුවේ බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බවය. “මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය…