Author: LFN

ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් මෙම දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බව හෙළිවී ඇත. ඊයේ (15) ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණි. අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කෙරෙයි. එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ඉන්දියානු දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය. මෙලෙස මිශ්‍ර…

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම…

Read More

අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි. හතරවන ශ්‍රේණියේ ළමුන් පිරිසකගේ අධික ලෙස කැසීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින්එ ම රෝගී සිසුවියන් 21 දෙනාම 1990 ගිලන් රථයෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත. එම සිසු සිසුවියන්ගේ මාපියන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ආහාර විෂ වීමක් හෝ දළඹුවන් ගෑවී හෝ කැසීමකට භාජනය වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

Read More

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ. මේ අතර මේ මස මුල් දින 11 තුළ සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබේ. වැටලීමේ දී සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 720ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් බවට සැකකරෙන මුදලින් රුපියල් 98,700/-ක්ද එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හමුවී තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ. 01. දිලිත් සුසන්ත ජයවීර 02. සරත් මනමේන්ද්‍ර 03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් 04. ඒ. එස්. පී. ලියනගේ 05. පානි විජේසිරිවර්ධන 06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ 07. අජන්ත ද සොයිසා 08. බත්තරමුල්ලේ සීරලතන හිමි 09. සරත් ෆොන්සේකා 10. නුවන්…

Read More

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය. “දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට…

Read More

අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ. මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබේ. කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය. මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙනි. මේ වනවිට මෙම රෝගය බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින් වාර්තා වී තිබේ. ‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස…

Read More

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි හා 63 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් මොනරාගල හා කහන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙයි. ඒ අනුව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මාලබේ පොලීසිය අදාළ නිවස ඊයේ (14) පුළුල් පරීක්ෂාවට ලක්කර තිබුණි. රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රණය කිරීමට යෑමේදී ඇතිවූ විෂ දුමක් හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට ශ්වසන අපහසුතා ඇති වී තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබේ. එම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැක කරන අතර මොවුන් දෙදෙනා අයිස්…

Read More