Author: LFN
වනඅලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැර තිබේ. හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඊයේ (17) ඇප මත මුදාහැර තිබුණි. ඊයේ දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. කෙසේවෙතත් වළ දැමුණු එම සත්ත්වයාගේ ශරීරකොටස් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සඳහා නැවත ගොඩගැනීමට කටයුතු කෙරුණි.
පසුගිය (16) ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ. එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණේ ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙනි. මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි දෙදරු පියෙකි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…
පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශවී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි. මෙම ගින්න ඊයේ (16) රාත්‍රි 8.00 පමණ එක් නිවසික් හටගෙන ඇති අතර, පසුව සෙසු නිවාසවලට වේගයෙන් පැතිරී ගොස් තිබේ. කෙසේ වෙතත් පැතිරී ගිය ගින්න වතු කම්කරුවන් සහ පූඩළුඔය පොලීසියේ නිලධාරින් එක්වී දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්වී තිබුණි. ගින්නෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, ගිනිගත් වතු නිවාසවල පවුල් 24කට අයත් සාමාජිකයන් 70කට ආසන්න පිරිසක් එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක මේ වනවිට රඳවා සිටී. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදුවූ හානිය ද මෙතෙක් තක්සේරු කර නොමැත.
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹදී ඊයේ (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, “අපි පටන් ගත්තු තැන සිතපු දේවල්… සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා.” “මුදල්…
වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය. ඉන් එක් ඝාතනයක් ඊයේ අලුයම් කාලයේදී හලාවත පොලිස් වසමේ විලත්තව ප්‍රදේශයේදී සිදුකර ඇත. වයස අවුරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී එම මරණකාරිය මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇත. ඝාතනයට ලක් වූ කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මියගොස් වැටී සිටි බවට ඇගේ දියණිය ප්‍රකාශයක් ලබාදී තිබුණාය. එමෙන්ම දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන්කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත් ප්‍රකාශයක් ලබා දී ඇත. ඒ අනුව…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට…
දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ඊයේ (16) දිවයිනට ළඟා වුණි. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා යාත්‍රා කළ මෙම යාත්‍රාවේ මගීන් 41ක් ගමන් ගෙන තිබුණි. මෙම යාත්‍රාව සෑම දිනකම උදෑසන 8 ඉන්දියාවේ නාගපට්නම්වලින් පිටත්වන අතර එය ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ සිට සවස 2ට නැවත ගමන් අරඹයි.
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (16) සිදුවිය. අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 261ක ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී තරගයේ 49.2වැනි පන්දුවාරයේදී පසුකර යෑමට අයර්ලන්තය සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වුව ද, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ Orla Prendergast ගේ ඉනිම හේතුවෙන් පරාජය භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය. ඒ…