Author: LFN
ඊයේ (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය දෙස සිට කොළඹ – මීගමුව මාර්ගය දෙසට ගමන් කරමින් සිටිය දී වැලිගම්පිටිය හංදිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ. එහිදී පැදිකරුවන් අණ නොතකා ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කර ඇති අතර, පිටුපස අංක තහඩුව නොමැතිව ගමන්ගත් යතුරුපැදිය මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් පසුව සෙසු…
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109කි.
ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 22ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ටොනේඩෝ තත්ත්වය අනතුරට හේතු වී ඇති බවට බලධාරීන් සඳහන් කර තිබේ. යාත්‍රාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද වන බව වාර්තා වෙයි. මීට අමතරව බ්‍රිතාන්‍ය, අමෙරිකා, සහ කැනඩා ජාතිකයින් පිරිසක් එම සුඛෝපභෝගි යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය. අතුරුදන් වූ පුද්ගලයින් 06…
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මේ අතර නැගෙනහිර, ඌව සහ උතරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම්…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී ඇති බව වාර්තාවේ. මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දී ඇත. මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බවය. මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක්…
මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) දහවල් වටලා තිබේ. අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබූ බවත් පොලීසිය පවසයි. වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවෙකු කුෂ් මත්ද්‍රව්‍ය පාර්සල් කරමින් සිට ඇති බවත් වාර්තා වෙයි. සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයක් පමණ වන බවද පොලීසිය පවසයි. තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙසින් පවත්වාගෙන ගොස් ඇති අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 48 යන වයස්වල…
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවය. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබේ. තවද ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසයි. ඒ අනුව ඝාතනය සිදුකළ සැකකරු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ. ගෙල කපා ඝාතනය කරන ලද අදාළ පුද්ගලයාගේ මළ සිරුර ප්‍රදේශයේ ගරාජයක් අසල තිබී සොයාගෙන තිබුණි. මෙලෙස ඝාතනය කර තිබුණේ 45 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක් බව පොලීසිය පැවසීය.
හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ (18) සිදුවිය. ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය. මෙය අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ පළමු එක්දින තරගාවලි පරාජය ලෙසින් වාර්තා අතරට එක්විය. එමෙන්ම මෙම තරගාවලියට පෙර අයර්ලන්ත කාන්තා කණ්ඩායමක් හමුවේ ඔවුන් එකඳු එක්දින තරගයක් පරාජය වී නොතිබුණි. බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 48කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක්…
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි. එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.