Author: LFN

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ. ගතවු පැය 24තුළ ලැබුණු පැමිණිලි 51ක් ද සමගින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 717ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පසුගිය (20) දිනයේ වාර්තා වී ඇති සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බව ද කොමිසම පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21) ආරම්භ වුණි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය. ඒ අනුව ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණි. පළමු ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වූ අතර දිමුත් , නිෂාන් මදුෂ්ක , මැතිව්ස් , කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 72ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක්…

Read More

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 ජුනි මාසයේදී එය සටහන් වූයේ 2.4%ක් ලෙසය. 2024 ජුනි මාසයේදී 1.9%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.9% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී වාර්තා වූ 2.7%ට සාපේක්ෂව 2024 ජුලි මාසයේදී 2.2% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ජුනි මාසයේදී 7.5%ක් ලෙස සටහන් වූ ප්‍රවාහන උප කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 4.9% දක්වා පහත වැටී තිබේ. ජුනි මාසයේදී 1.7%ක් ලෙස පැවති…

Read More

වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසයි. රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ වාර්ෂිකව යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1,000ක් පමණ මියයන බවය. “3,000කට අධික ප්‍රමාණයක් අනතුරු සිදුවන්නේ, පාරේ දී සිදුවන අනතුරු. වසරකට ඒ අනතුරුවලින් තුනෙන් එකක් ජීවිතක්ෂයට පත්වෙන්නේ යතුරුපැදිවලින් සිදුවන අනතුරු නිසා. 2023 වසරේ දී මාර්ග අනතුරු අඩුවීමක් දක්නට ලැබුණා. 2,214න් 2,321 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. 2024 ජනවාරි 1 වනදා සිට 2024 අගෝස්තු 10 වෙද්දි මාරක රිය අනතුරු 1,352න් 1,417ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.” මාරක රියඅනතුරුවලින් පසුගිය වසරේදී පාසල් සිසුන් 328 දෙනෙක් මියගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ…

Read More

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. “ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක්…

Read More

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ. ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව සඳහන්ය. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුවය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම…

Read More