Author: LFN
රුපියල් 60,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත සබරගමුව මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය. මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් ඇතුළත් නොවන නමුත් ඉදිරියේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් සඳහාද නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
නීතිවිරෝධීව රුපියල් ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු දුම්වැටි තොගය හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අබුඩාබි නුවර සිට සැකකරු ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 21,600 ක් රේගුභාරයට ගෙන ඇති අතර එම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් අබලන් තත්වයට පත්ව ඇති බවට ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව මැසිවිලි නගයි. 1982 වර්ෂයේදී මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීම සිදුකර ඇති අතර, වෙළඳ සංකීර්ණය කඩකාමර 85කින් සමන්විත බව අප ප්‍රදේශීය වාර්තාකරු සදහන් කරයි. මෙම ගොඩනැගිල්ලේ කඩ කාමරයක් සඳහා අයකරන වැඩි කුලී මුදල හේතුවෙන් වෙළඳ සංකීර්ණය තුළ පිහිටි ව්‍යාපාර ස්ථාන 26ක් දක්වා මෙි වන විට අඩුවි ඇති අතර 1982 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොකිරීම සහ සොරුන් විසින් ගොඩනැගිල්ලේ යකඩ කොටස් ඇතුළු වටිනා උපකරණ සොරා ගෙනයාම මෙන්ම වීදි ගණිකාවන් අතහැර දමා ඇති කඩකාමර තුළ අනාචාරයේ හැසිරීම, ප්‍රදේශයේ පුද්ගලයින් මත්ද්‍රව්‍ය…
මධ්‍යම කදවුර ප්‍රදේශයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ. දැරියට සහ ඇගේ සොහොයුරාට සංගීතය ඉගැන්වීම සදහා නිවසට පැමිණි ගුරුවරයා, මාස තුනකට පමණ පෙර සිට තෙවරක්ම දැරියට ඇයගේ නිවසේදී ලිංගික අතවරකර ඇති බවත්, ඇය මවට සිද්ධිය පැවසීමෙන් පසු මව ගුරුවරයාට අවවාදකර ඇති බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත. ඉකුත් 20 වන දින මව සමඟ පොලිසියට පැමිණි දැරිය සිදුවීම පිලිබඳව පැමිණිලිකර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සදහා පොලිසිය විසින් වින්දිත දැරිය අම්පාර මහ රෝහලට ඇතුළත්කර ඇත. ගුරුවරයා අම්පාර නගරයට ආසන්නයේ පදිංචිකරුවකු බවට අනාවරණයවී ඇති…
යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ. වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 23ක තරුණයෙකි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මෙන්ම පාපැදියේද දෙදෙනෙකු සිට තිබේ. තුවාලකරුවන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාද්‍ය තත්ත්වයෙන් පසුවූ පාපැදියේ ගමන් කළ දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කෙරුණි. අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය විමර්ශන සිදු කරයි.
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි. මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94…
අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
ආර්ථික අර්බුදය විසඳනු වෙනුවට පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ නම් සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවැත්වූ නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “පොලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවරවෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවරවෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා.” “මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ. අලුතෙන් කියන්න වුවමනා නැහැ. මම දන්නවා ඒ වින්ද දුක.” “දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා අර්ථිකය ස්ථාවර කරලා තිබෙනවා. අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.” “ඒත් තවමත් බරක් මේ රටේ…
රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බවය. කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පවසයි. ඒ අනුව ඉදිරි මාස…