Author: LFN

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්වුණි. ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 – 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි. ඊයේ දිනය අරම්භ කරන විට ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය. ඊයේ දිනයේදී එංගලන්ත පන්දුයවන්නන්ට මැනවින් පහරදුන් චන්දිමාල් සහ කමිඳු ශ්‍රී ලංකා දෙවන ඉනිමට නව ජීවයක් එක් කළේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදමිනි. ඔවුන් 8 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවමිත් කළේය. චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27 වැනි අර්ධ ශතකය අද වාර්තා කළ අතර…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

හික්කඩුව පොලිස් වසමේ සංචාරක හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ට ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකු වන අතර, ඔහු මෙම මස 14 වනදා සිදු වූ අදාළ වෙඩිතැබීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව විමර්ශන සිදුකරන හික්කඩුව පොලීසිය සඳහන් කරයි.

Read More

ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. ඉන් තවත් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි. එම නගරය ස්ථාපනය කර වසර 630ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

Read More

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

Read More

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Read More

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්විය. ඒ රියදුරුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙනි. පසුව මඟීන් කඩිනමින් රියදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් රියදුරු මියගොස් සිටි බව පොලීසිය පවසයි. ඊයේ (23) රාත්‍රි 7.00 ට පමණ අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා එම බස් රථය පිටත්වී තිබේ. රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ. ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා…

Read More

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දීය. එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන…

Read More

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. එමෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ගතවූ මාස 05 තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 3,400 ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. දිවයිනම ආවරණය වන පරිදි පසුගිය මාර්තු මස 19 වනදා සිට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙම වැටලීම් සිදුකර තිබුණි. ඒ අනුව සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සඳහා සෘජුව සහාය දැක්වීම, අපරාධ සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබල ලබාදීම යනාදිය සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් 3,411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය (22) දිනයේ ද සැකකරුවන් 38 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන…

Read More