Author: LFN
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රන්දොඹේ ‘ජීපී ද සිල්වා විදු සෙවන‘ නමැති දෙමහල් ගොඩනැගිල්ල භාවිතයට නොගැනීම හේතුවෙන් ගරා වැටිමේ අවදානමට ලක්ව ඇත. මෙම ස්ථානයේ ජීපී ද සිල්වා ප්‍රාථමික විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇති අතර 2004 වර්ෂයේදි සුනාමි ව්‍යාසනයෙන් පසුව රන්දොඹේ, ඇත්නාවල සුචිත්‍රාරාම විහාරස්ථාන භූමියේ කොටසක අදාල පාසල ප්‍රථිස්ථාපනය කර ඇත. මේ වන විට මෙම දෙමහල් ගොඩනැගිල්ලෙහි පහත මහලයේ පෙර පාසලක් පවත්වාගෙන යන අතර, ගොඩනැගිල්ලෙහි ඉහළ මහලය හා ඇතැම් කාමර සමාජ විරෝධී ක්‍රියා සඳහා භාවිතා කරන බව ප්‍රදේශවාසීන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය දැනුවත් කලද මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි. කෙසේ වෙතත් නැවත පිරිහරණයට…
ඉන්දියාවේ සිට ඊයේ (26) උදෑසන මෙරට ට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළෙ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ සිය භාරයට ගෙන තිබුණි. ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත් පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බව සඳහන් ය. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන එම දෙදෙනා සහ නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී තිබේ.
දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවය. එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ඊයේ (26) උදෑසන එලෙස පැමිණ තිබුණේ මහජන චීන විමුක්ති හමුදාවට අයත් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය. Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 872ක ගෙන් සමන්විතය. Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 334 ක ගෙන්…
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති බවය. ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර ඇත. එසේ වුවද, දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොග්ගල ප්‍රදේශයේ අක්කර 15ක භූමි ප්‍රමාණයක 2003 වසරේදී රුපියල් මිලියන 900 ක මුදලක් වැයකර රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණ අමාත්‍යංශය විසින් නිවාස 574කින් සමන්විත ගොඩනැගිලි 09 කින් යුත් ‘නිල සෙවන’ මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇති අතර, මේ වන විට නිසි නඩත්තුවක් හෝ පරිහරණයට ගැනීමක් සිදු නොවන බවට අප ප්‍රදේශීය වාර්තාකරු සදහන් කර සිටී. අදාල නිවාස අතරින් නිවාස 128 ක් රාජ්‍ය සේවකයින් වෙත රුපියල් මිලියන 3.8 කට හා ඉතිරි නිවාස 448ක වෙළඳපොල මිළ අනුව ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමට එවකට පැවති රජය විසින් සැලසුම් කර තිබුනද කිසිදු රාජ්‍ය සේවකයෙකු මෙම මිළ ගණන් යටතේ නිවාස මිලදී ගැනීම් සිදුකර…
දැදුරු ඔයේ දියනෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ. ඊයේ (25) දහවල් මොවුන් බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙම අනතුරට මුහුණදී ඇත්තේ 36 හැවිරිදි මව සහ ඇයගේ 9 හැවිරිදි සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනා ය. ඔවුන් පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. සැඩ පහරට හසුව අතුරුදන්වූ 09 හැවිරිදි දරුවාගේ මළසිරුර සොයා ගෙන ඇති අතර මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය. බෝගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර 17 තුළ වඩා හොඳ අවස්ථා සොයමින් පාකිස්තානුවන් මිලියන 10ක් පමණ රට හැර ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සංක්‍රමණ රැල්ලේ උච්චතම අවස්ථාව 2015දී සිදුවී ඇති බවය. එම වසරේදී පුද්ගලයන් 900,000 කට වැඩි පිරිසක් රැකියා සොයා පාකිස්තානයෙන් පිටව ගොස් ඇතැයි සඳහන් ය. 2022 සහ 2023 වසරවලදී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 800,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.
ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යෑම ඊයේ (25) පළමු වරට ආරම්භ කෙරුණි. වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ එලෙස පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත රැගෙන ආවේය. 756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් තිබේ. කසළ තොගය රැගත් බහාලුම් වනවාසල සිට පුත්තලමට ගොස්, එතැන් සිට අරුවක්කාඩු කසළ අංගනය වෙත ගෙනඑන ලදී. මෙම කසළ දුම්රියෙන් රැගෙන ඒමට විරෝධය පළ කරමින් සුළු පිරිසක් පසුගිය (24) සහ අද දහවල් නූර් නගර් දුම්රිය ස්ථානය අසල විරෝධතාවයක ද නිරතවී ඇත.