Author: LFN
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර බරපතළ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව සඳහන්ය. දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එම ඒකකවලට ලැබෙන පැමිණිලි දෛනිකව පොලිස් මුලස්ථානයේ පිහිටි විශේෂ මැතිවරණ කාර්යාලයේදී සමාලෝචනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලිවලට අනුව හඳුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ගීත්මාල් බෙනෝයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබේ. මෙම සැකකරු පාතාල කල්ලි නායකයෙකු වන මතුගම ෂාන්ගේ ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව…
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඌවපරණගම පොදුමිල්ල විද්‍යාලයේ පාසලේ ගොඩනැඟිලි මේවන විට ගරාවැටීමේ අවදානමක් ඇති අතර, 1986 වර්ෂයේදී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ කර ඇති මෙම විදුහල මෙි වන විට වාසා දමා ඇත. ආරම්භයේදී පාසලේ ළමුන් 100 දෙනෙකු හා ගුරු මණ්ඩලය 05 දෙනෙකු සිට ඇති අතර, පසුකාලීනව සිසුන් අඩුවීම හේතුවෙන් මීට වසර 15 පමණ ඉහත දී මෙම පාසල වසාදමා ඇත. කෙසේ වෙතත් අතහැර දමා ඇති පාසල් ගොඩනැඟිලි ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදාගන්නා ලෙස ගම්වාසීන් ඉල්ලා සිටින බව අප ප්‍රාදේශිය වාර්තා කරු ප්‍රකාශ කර සිටින අතර, අදාල බලධාරීන් ඒ පිළිබදව සොයා බලා කටයුතු කරනු ඇතැයි අප සිතමු.
දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ඔබ සියලුදෙනා දන්නා පරිදි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම…
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබේ. ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් 2024.05.22 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබූ අතර එහිදී අදාළ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීමට යෝග්‍ය බවට තීරණය කර තිබුණි. ඒ අනුව ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාළ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම මූලික කෙටුම්පත…
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි. මහනුවර නාගරික සීමාව තුළ ප්‍රධාන බෝ වන රෝග තර්ජනය ඩෙංගු නොව ක්ෂය රෝගය බවද හෙතෙම කියා සිටියේය. ඩෙංගු රෝගීන් දින 06ක් ඇතුළත හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරුණ ද ක්ෂය රෝගීන් මාස 06ක කාලයක් තුළ හඳුනාගත නොහැකි වන බවද මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය. නිතර පවතින කැස්ස, සෙම, සිරුරේ අප්‍රාණික භාවය, කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ඒ සඳහා කෙටි කාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඍජුව ක්ෂය රෝගයට ප්‍රතිකාර නොලැබෙන බවත්…
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ග්‍රාම නිලධාරියෙකුට අධිකරණය මගින් අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් නියම කර තිබේ. ඒ විදේශගත වීමකට අදාළව පදිංචි සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ අදාළ ග්‍රාම නිලධාරියා ඉන් රුපියල් 10,000ක් භාරගැනීම සම්බන්ධව අත්අඩංගුවට පත්වූ බවය.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කරයි. නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැතිත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවය. අදාළ ලිපියේ දැක්වෙන්නේ, “ජනාධිපතිවරණය සඳහා අපි ඇති කරගත් එකඟතාවය පසුව වෙනස්වීම මා දැඩි කැළඹීමට ලක්විය. ඒ සම්බන්ධව තර්ක කොට ඵලක් නැත. මම එදින රැස්වූ මැතිවරණ කමිටුවෙන් ඉවත්වී ගියේ තීන්දුව ඔබ ඇතුළු කණ්ඩායමට ගැනීම සඳහාය. ” “ජනක රත්නායක නමැත්තෙකුට…
උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස අද (28) වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ…