Author: LFN
වේගයෙන් ධාවනය වූ බස් රථයක් සෙමින් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට කොන්දොස්තරවරයෙකු පහරදී තිබේ. එලෙස අද (31) පෙරවරුවේ එම පහරදීම සිදුකර තිබුණේ මාර්ග අංක 163 දෙහිවල – විදේශ සේවා බස් රථයක සිටි කොන්දොස්තරවරයෙකි. අදාළ කොන්දොස්තරවරයා එම මගියාට පරුෂ වචනයෙන් බැණ පහරදී ප්‍රතිචාර දක්වන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි. පසුව පහරදීම දීම සිදුකළ අදාළ කොන්දොස්තරවරයා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352කි. ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල්…
ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසිනි. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක…
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත. ඉකුත් 29 වනදා උදෑසන අමල් සිල්වා අත්අඩංගුවට ගත් අතර පසුව රඳවාගෙන ප්‍රශ්න කෙරුණි. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ…
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවය. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ.
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ඇත්තේ පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවය. ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතව ඇත. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි. ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් “ජයිකා” (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණි. කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා…
නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට ඇයගේ පුතා විසින් ඊයේ උදෑසන අසල්වාසී පුද්ගලයෙකුට දැනුම්දී ඇත. ඒ අනුව එම පුද්ගලයා විසින් අදාළ නිවසට යාමේදී නිවසේ පිටුපස දොර විවෘත කර තිබීම හා නිවස තුළින් දුඟදක් හැමීම හේතුවෙන් සැක සිතී ඒ සම්බන්ධව නාන්නේරිය පොලීසියට දැනුම් දී තිබේ. එම දැනුම්දීම මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී නිවස තුල තිබී එම කාන්තාවගේ මෘත ශරීරය හමුවී ඇත. මරණකාරිය වයස අවුරුදු 62 පයිරික්කුලම, නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාන්තාව දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට හා මෙය…