Author: LFN
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. ඒ. සේපාලිකා චන්ද්රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්ය කර තිබෙන බැවින් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස ඇය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.
රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒ බව සඳහන් කළේය. රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්රශ්නයක්.” යනුවෙනි. මේ අතර රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබේ. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනත උල්ලංඝනය කරමින් යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසය.
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්යෙෂ්ඨ සහ නියෝජ්ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා, “විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබට වෙන්කළ දිනයේ ඔබගේ සහතික නිලධාරියා විසින් ඔබට වෙන්කරන ලද කාලය තුළදී ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න. යම් ලෙසකින් ඔබට නියමිත දිනයේ…
මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. සරත් විජේසිරි ද සිල්වා නැමති නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය මෙලෙස නියෝග කර ඇති බව සඳහන්ය. අදාළ නීතීඥවරයා ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඊට නිසිලෙස පෙනී නොසිට ඇති බවට ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පැවරෑ නඩුවේ සඳහන්ය. නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් බවය. දිවුලපිටිය, වැල්ලව ශ්රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු…
රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිසම සඳහන් කළේ, ඉඩමේ පිහිටි සැලැස්ම ප්රදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට නීති මඟින් කටයුතු නොකර සිටීම සහ එය කඩා ඉවත් නොකිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවය. ප්රථමයෙන් එම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 350,000ක මුදලක් ඉල්ලා ඇතත් පසුව එය ලක්ෂයක් දක්වා අඩු කර නැවතත් එම මුදල රුපියල් 60,000ක් දක්වා අඩු කර ඇති බව සඳහන්ය. කිලිනොච්චිය ප්රදේශයේ කාන්තාවක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කරච්චිය ප්රදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී…
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
ඊශ්රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්යන්තර මාධ්ය පවසයි. එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි. පසුගියදා ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් විය. තවත් ප්රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන් ය. ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්රධාන නගර වල එම උද්ඝෝෂණ පැවැත්වුණි.
2024 වසරේ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්රශ්න පත්රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ. මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය. එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය…
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්යෙෂ්ඨ සහ නියෝජ්ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ත්රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු…
අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (02) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි. මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.