Author: LFN

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ. අනතුර සිදුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රී 7:30ට පමණය. පොලීසිය සඳහන් කළේ බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවය. පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර තිබේ. අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත. පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන…

Read More

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණි. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වෙයි. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, IMF සහ මෙරට විදෙස් ණයහිමියන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය…

Read More

අද (6) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (35-45) ක පමණ තද සුළං ඇතිවිය හැක බවද සඳහන්ය. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම එම දෙපාර්තමේන්තුව…

Read More

අනුරාධපුර නගරයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ උපක්‍රමයක් ලෙස කුඹුර ගොඩ කිරීමට පෙර කුඹුර වටා තාප්ප බැඳ පසුව එම කුඹුරු ගොඩ කිරීමේ ජාවාරමක් සිදු කිරීමට කුඹුරු ඉඩම් හිමියන් කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ. කුඹුරු ඉඩම් වටා තාප්ප ඉදිකිරිම අධිකරණය මඟින් තහනම් ඇති අතර අනුරාධපුර, කුරුණෑගල පුත්තලම් මාර්ගයේ මල්වතු ඔය අසල කුඹුරක් ක්‍රමානුකූලව වංචනිකව ගොඩ කරමින් සිටින බවත්, අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ඉන්ධන පිරවුම්හල අසල කුඹුරු යායේ එක් කොටසක් පස් පුරවා ගොඩකර ඇති බවත්, එම කුඹුරු ඉඩමෙහි පස් පිරවීමට අමතරව මේ වන විට කුඹුර සහිත ඉඩම වටේ තාප්පයක් ඉදිකිරිමේ කටයුතු වල නියැළෙමින් සිටින බවටත් වාර්තා වේ. ඇතැම් නිලධාරීන් යම් යම් වරදාන, වරප්‍රසාද සහිතව…

Read More

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගැනුණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි. මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.…

Read More

සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) දින සවස් කාලයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ එම බෝඩිම් කාමරයේ ජීවත්ව ඇති අතර කටුනායක ආයොජක ප්‍රවර්ධන කලාපයේ සේවය කර ඇත. නමුත් කාන්තාවගේ ඝාතනයෙන් පසුව එම පිරිමි පුද්ගලයා පළ ගොස් ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ. එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

Read More

‍දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර ප්‍රදේශයේ දී යතුරුපැදියක මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් බරපතළ තුවාල ලැබු 68 හැවිරිදි කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මේ අතර කොළඹ – පුත්තලම මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. එමෙන්ම යාපනය – පරන්තන් මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව සඳහන්ය. මේ අතර කිලිනොච්චිය…

Read More

මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන් දැනුම් දුන්නාය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණි. එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.

Read More

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කළේය. ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය. නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන්…

Read More