Author: LFN
පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක ගින්නක් හට ගෙන තිබේ. ඊයේ (07) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇත. ගිනි නිවීමේ හමුදාවේ පොළොන්නරුව එකකය විසින් මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇති බවත් පැවසීය. හමුදාව, පොලීසිය සහ ගුවන් හමුදාව එක්ව ගින්න පැතිරීම වැළැක්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින අතර මේ වන විට ගින්න බොහෝ සෙයින් මැඩ පැවැත්වීමට හැකිවී ඇති බවද පොලීසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ හේතුවෙන් මඩකලපුව -පොලොන්නරුව මාර්ගයේ කොටසක් වසා දැමීමට පියවර ගෙන ඇති නමුත් ගමනාගමනය සඳහා බාධාවක් නොමැති බවත් පොලීසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි. මෙම අඹුසැමියන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමිය විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර සැමියා සමග…
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතය. මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධාන කරන මෙම විවාදය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වෙයි. ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සජීවී විවාදයකට එක්වීමට නියමිතය. එම විවාදය අද දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. තවද Ada Derana යූ ටියුබ් නාලිකාවෙන් සහ Ada Derana ෆේස්බුක් ඔස්සේ ද එම විවාදය සජීවීව විකාශය කෙරේ.
පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇත. හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණිය ද ඒ වන විටත් වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පැවසීය. වෙන්දේසි වත්තක් තුළ පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට හෝ ඇතුළු වීමට හැකියාවක් නොමැති සඳහන්ය. කෙසේ නමුත් කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවාද, නැතහොත් එක් රථ වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහනයටද ගිනි ඇවිළුනාද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවය. මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.
පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත. වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර ඇති අතර, එම දෙසටම ගමන්ගත් සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය අයිනේ තවතා තිබියදී මෙම අනතුර සිදුව තිබේ. මිය ගිය පුද්ගලයා ඇතුළු ඉන්දීය ජාතිකයන් මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් ද වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණපා තිබේ. අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටෙන අවස්ථාවේ රියදුරු අසුන අසල වාඩිවී පැමිණි ඉන්දියානු ජාතිකයා මෙලෙස…
රුපියල් 10,000ක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී 80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකොට ඝාතනය කළ සැකකරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළාය. සැකකරු ත්‍රිරෝද රථයකින් බැස එම කාන්තාවගේ නිවසට පැමිණෙන අයුරු සහ එම කාන්තාවගෙන් ගලවාගත් කරාබු යුගලය හෙට්ටිවිථීයේ සාප්පුවකට විකුණන අයුරු සීසීටීවී පද්ධතියක සටහන් ව තිබු බවද පොලීසිය පැවසීය. සැකකරු ඝාතනය ට ලක්වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙකි. ඔහු නිවසට යන බව පවසා නිවාඩු ගෙන නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කොට්ටාව මාලබේ පාරේ හතරමං හන්දිය ආසන්නයේ පිහිටි නිවසට පැමිණ එහි සිටි කාන්තාවගෙන් රුපියල් 10,000 ඉල්ලා තිබුණි. ඇය…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි. මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් සරත් මහතා පවසන්නේ මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූ බවයි. මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් ඔහු පැවසීය.