Author: LFN
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය. තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම – වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි. ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇත. තවද සෑම දරුවන්…
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කළේය. එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා, “පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇත. ඔහු එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබුණි. මේ අතර පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබුණි. ඔහු විසින් එම මුදල පසුගිය අගෝස්තු 16 වනදින ගෙවා නිමකර තිබුණි. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වෙයි. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා තිබේ. වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත් ආශ්‍රිතව පැවති බව සඳහන් වේ. මෙම පද්ධතිය ආසන්න වශයෙන් වයඹ…
ලුණුගම්වෙහෙර අග්බෝපුර ග්‍රාම නිලධාරී වසමේ වෙහෙර කඩවර වනඅලි කළමනාකරණ රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මහ පැලැස්ස වැව සංවර්ධනය කරන මුවාවෙන් මහා පරිමානයෙන් පස් ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් විසින් සදහන් කර සිටි. වසර 03 ක කාලයක් තුල පස් කියුබ් 4500 ක් කපා ගැනීමට වීරවිල ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට වාචිකව ලබාදි ඇති අවසරය මත මාස 06 ක් ඇතුලත පස් ප්‍රමාණය කපා ඉවත් කරගෙන ඇතත් මේ වන විට ලුණුගම්වෙහෙර කඩවර වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රදේශයෙන් පස් කැපීමේ කටයුතු සිදුකරනු ලබන බවත්, වනාන්තර භූමියෙන් පස් රැඟෙන යාම සඳහා මේ වන විට එම රක්‍ෂිතයේ විශාල ගස් හා ලඳු කැලෑඳ විනාශ කර…
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි. ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිවෙස් වෙත ගොස් අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර ලබා දී නැති බවය. ඒ අනුව පස් දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත් පත්‍රිකා බෙදීමට හැකියාව ඇති බව ඔහු පවසයි. මේ අතර අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කරුණු දැක්වීය. ඒ අනුව වාහනවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණයට ඉදිපත්ව සිටින අපේක්ෂකයින්ට පමණක් බව ඔහු පවසයි. අදාළ අපේක්ෂකයාගේ වාහනය හැර…
ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ඊයේ(08) විරෝධතාවක් පැවැත්විය. එය සංවිධාන කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් විසිනි. ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලකරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් කඩකළ රාජ්‍යක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසය. තම දෙමළ ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවත් සිය මානව හිමිකම් කඩවන බවත් පවසමින් සහ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ රටක් ලෙසට ද ඔවුන් එහිදී චෝදනා කළේය. මෙම විරෝධතාකරුවන් එම විරෝධතාව පැවැත්වූයේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නිල ලාංඡනයද ප්‍රදර්ශනය කරමිනි. ඊට කුඩා දරුවන් පවා සහභාගී…