Author: LFN
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි. අතුරුදන් වූ තරුණයා මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. එහිදී පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් තරුණයෙකු බේරා ගැනීමට සමත්ව ඇත. බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල තොගයක් සමග කළුතර අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එක් සැකකරුවෙකු සිය සරම් වාටියේ හෙරොයින් මත්කුඩු සඟවා තිබියදී සොයාගනු ලැබීය.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවූ ඉලක්කය ලකුණු 219කි.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවය. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා. තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ…
මූතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි . එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩිපෝ උප කළමණාකාර මොහොමදු අනිපා අන්වර් සදාත් නැමැති අය මූතූර් පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය . සැකකාර රියදුරාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු පොලිස් ඇප මත මුදා හැරීමට මුතුර් පොලිසිය කටයුතු කෙරිණි
පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියකු පැහැර යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට යතුරු පැදියකින් පැමිණෙන අවස්ථාවේ තමන්ගේ භාර්යාව පැහැරගෙන ගොස් ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගෙන තිබේ. මෙම ගුවන් හමුදා සෙබළිය පැහැරගෙන යාමේ සිද්ධියය චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු හා ඔහුගේ පියා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ . පැහැරගෙන ගනු ලැබු ගුවන් හමුදා සෙබළිය එයින් මිදී පලා ඇවිත් පුත්තලම පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් යතුරු පැදියෙන් ගමන් කරමින්…
සැමියා සමග ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් යකඩ පොල්ලකින් පහරදී සැමියා ඝාතනය කර තිබේ. ඊයේ (08) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ තෙල්දෙණිය පොලිස් වසමේ උඩගම්මැද්ද ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, උඩගම්මැද්ද, ගොමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගයෙකි. ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ල සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකාර බිරිඳ ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවය. මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක ය.
අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 20 හැවිරිදි මුහම්මඩ් ඛාන් නම් මෙම තරුණයාගේ සැලසුම වී තිබුණේ බෘක්ලීන්හි යුදෙව් ජාතිකයින් ඉලක්ක කරමින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමය. ඒ IS සංවිධානයට සහාය පළ කිරීමක් වශයෙන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රහාර එල්ල කිරීමට වසරක් සැපිරෙන ඔක්තෝබර් 7 වනදා සමූහ වෙඩිතැබීම දියත් කිරීම චූදිත තරුණයාගේ සැලසුම වී තිබේ. සිය සහචරියන් රහසිගත නියෝජිතයින් බව නොදැන මෙම තරුණයා ප්‍රහාරය සැලසුම් කර තිබුණේ රහසිගත විමර්ශකයින් දෙදෙනෙකු සමග එක්වයි. මුහම්මඩ් ඛාන් ප්‍රහාරය සඳහා අවි සපයා ගැනීම භාරදී…
සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට දැනුම්දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. පසුගිය 4,5 සහ 6 යන දිනවලදී මෙවර ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිද පාර්ශ්ව විවිධ මත පළ කර තිබූ අතර අපේක්ෂකයින් වෙනුවෙන් භාවිත කරන ලද ඡන්ද ප්‍රතිශත ද ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබුණි. කෙසේවෙතත් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකු විසින් මුදා හැර…