Author: LFN

වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ සිදුකරගෙන යන වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 500 කට පමණ මඩවතුර පානය කිරීමට සිදුව ඇති බවට අනාවරණය වෙයි. මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබිම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, පස් සෝදා අපිරිසිදුවන ජලය සම්පූර්ණ වැවට මිශ්‍රවීම හේතුවෙන් එම වැවේහි ජලය පානය කරනු ලබන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසකට දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම ගැටළුව පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කර ඇතත්, මෙම ගැටළුව…

Read More

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇති. මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ, “දවසකට වැඩට ගිහින් ආවොත් වතු සේවකයාට EPF සහ ETF සමග රුපියල් 1,552ක් ලැබෙන්න ඕනේ කියන එකඟතාවයට අපි ආවා.” “ඒ කියන්නේ EPF සහ ETF නැතුව රුපියල් 1,350ක්. හැබැයි 1,350ක් වුණා…

Read More

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවය. “සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්… තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම…

Read More

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

Read More

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි. මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.

Read More

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.…

Read More

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය. ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේ නම් ඒ…

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (09) දැනුම් දී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පිළිබඳව සාකච්ඡා වී තිබේ. අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති කරුණු පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර ඇත. ඊට අමතරව අදාළ වාර්තාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ද ඊයේ…

Read More

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබේ. යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා…

Read More

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි. සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් ඊයේ (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි. ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි. ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි. මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරග තුනකින් සමන්විත මෙම…

Read More