Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් 1350ක වතු සේවක අවම දෛනික වැටුපට එකඟතාව
    Featured

    රුපියල් 1350ක වතු සේවක අවම දෛනික වැටුපට එකඟතාව

    By LFNSeptember 10, 2024No Comments3 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

    ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

    ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇති.

    මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසුවේ,

    “දවසකට වැඩට ගිහින් ආවොත් වතු සේවකයාට EPF සහ ETF සමග රුපියල් 1,552ක් ලැබෙන්න ඕනේ කියන එකඟතාවයට අපි ආවා.”

    “ඒ කියන්නේ EPF සහ ETF නැතුව රුපියල් 1,350ක්. හැබැයි 1,350ක් වුණා කියලා වතු සේවකයාට වැඩියෙන් වැඩ පටවන්න බැහැ.”

    “වතු සේවකයාගේ ශ්‍රමය අපිට සීමා කරන්න බැහැ. එයා වැඩියෙන් වැඩ කළොත් මූලික වැටුපට වැඩියෙන් එයාට උපයන්න පුළුවන්. ඒක රුපියල් 350කට සීමා කරන්න අපිට බැහැ.”

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ වතු ලේකම් පී. චන්ද්‍රසේන මහතා මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

    “අපි සාකච්ඡා කළේ රුපියල් 1,700ක් සම්බන්ධයෙන්. ඒකට අපි ඉදිරිපත් කළේ රුපියල් 1,350ක් මූලික වැටුප. ඊට අමතරව ප්‍රඩක්ටිවිටි ඉන්සෙන්ටිව් කියන එක තමයි රුපියල් 350ට අපි ගත්තේ.”

    “මේ ප්‍රඩක්ටිවිටි ඉන්සෙන්ටිව් කියන එක ගැන වතු හිමිකරුවන් කිව්වේ.. දළු කිලෝ 7ක් කඩන්න ඕනේ ඒ ප්‍රමාණය ගන්නවා නම් කියලා. ඒකෙන් වතු සේවකයාට පාඩුවක් සිදුවෙන නිසා අපි ඒකට කැමති වුණේ නැහැ. ඒක නිසා අපි මේ තීරණය කරලා තියෙන්නේ අවමය. මේක තමයි සෑම වත්තකම තිබිය යුතු ඉලක්ක සහගත ප්‍රමාණය.”

    “ඒ අනුව අද පැවැති සාකච්ඡාවේදී වතු සේවක දෛනික වැටුප රුපියල් 1,350ක් සහ වැඩි දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට වතු හිමිකරුවන්ගේ එකඟතාවය පළ වුණා.”

    “මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස් තීරණය කළා.”

    රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

    පසුව අදාළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.

    ඒ අනුව වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ජුලි 4 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

    පසුව වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජුලි 24 වනදා කටයුතු කර තිබුණි.

    එහිදී කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ, රුපියල් 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවය.

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබූ පසුබිමක වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම ඉකුත් අගෝස්තු 06 වනදා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනුණි.

    පසුව අගෝස්තු 14 වනදා වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

    ඒ, පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ය.

    තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වූ අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වුණි.

    ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වුණි.

    එවන් පසුබිමක කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් පඩි පාලක සභාව සමග සාකච්ඡා කර මෙම අවසත් තීරණයට අද එකඟවී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.