Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කළුදියවැව වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මඩවතුර බොන වැලිකන්ද මහවැව ජනතාව
    Hot News

    කළුදියවැව වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මඩවතුර බොන වැලිකන්ද මහවැව ජනතාව

    By LFNSeptember 10, 2024Updated:September 10, 2024No Comments3 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ සිදුකරගෙන යන වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 500 කට පමණ මඩවතුර පානය කිරීමට සිදුව ඇති බවට අනාවරණය වෙයි.

    මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබිම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, පස් සෝදා අපිරිසිදුවන ජලය සම්පූර්ණ වැවට මිශ්‍රවීම හේතුවෙන් එම වැවේහි ජලය පානය කරනු ලබන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසකට දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම ගැටළුව පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කර ඇතත්, මෙම ගැටළුව සඳහා විසඳුමක් මේ වන තෙක් ලැබී නොමැති බවට ප්‍රදේශවාසීන් සදහන් කරයි.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ ඒක මතික තීරණය මත එම ව්‍යාපෘතියට අවසර ලබා දී ඇති බවත්, ගොවි සංවිධාන සමඟ කිසිඳු සාකච්ඡාක් සිදු නොකර මෙම කටයුතුත සිදු කිරීම හේතුවෙන් මේ වන විට ගම්මානයේ පාසල් දරුවන්, ගම්වාසීන් මෙන්ම, ගොවි ජනතාව, ලෙඩ රෝගවලට ගොදුරු වන බවට ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටි.

    මෙම පානීය ජල ගැටළුවට විසදුම් නොලැබිම සහ ගම්මානයේ ජීවත්වන අයවළුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් සම්පත් කුමාර නැමැති ගම්වැසියෙක් අඩි 100 ක් පමණ උසැති ජල ටැංකියට ගොඩවී මාරාන්තික උපවාසයක් සිදු කිරීමට පෙළඹී අති අතර, අදාල තත්වය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය නතර නොකෙරෙන්නේ නම් ගම්මානයේ සියලු දෙනා එක්ව එයට විරුද්ධව සටන් කරන බවට ගම්වාසීන් දන්වා සිටියි.

    කළුදියවැව ආසන්නයේ සිදුකරගෙන යන වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණපා ඇති ගැටළු සබැදිව පල කර සිටින අදහස් අතර,
    “වැලිකන්ද සෙවනපිටිය කොට්ඨාශයේ මෙම ගම්මානය පිහිටා ඇති අතර, මෙම ව්‍යාපෘතිය මහවැලි අධිකාරිය විසින් වැව හාරණ බවට ප්‍රකාශ කරමින් මෙම ව්‍යපෘතිය සිදුකරන බවත්, මෙම ගැටළුව හේතුවෙන් සම්පුර්ණ වැවෙහි ජලය බොර වී ඇති බැවින් ගමේ ජිවත් වන පවුල් 1500 කට පමණ ජලය ලබා ගැනිමට නොහැකි බවත්, දරුවන්ගේ පාසල් ඇදුම් පවා සොදා ගැනිමට නොහැකි බවත්, මෙම ගැටළුව සබැඳිව අදාළ අයවළුන් දැනුවත් කිරිමේදි ඔවුන් පවසා ඇත්තේ ව්‍යපෘතියෙන් බැහැර වන ජලය වැවට නොගොස් ඉවත් කිරිමේ නිවැරදි වැඩපිළිවෙලක් ඇති නිසා වැවට බොර ජලය නොයන බවයි. එහෙත් වැවට එම ජලය එක්වන බවත්, ඒ හේතුවෙන් වැවෙහි ජලය බොර වී ඇති බවට සදහන් කර සිටි.”

    “මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම වැව ඉතා පිරිසිදුවට තිබු බවත්, වැවෙහි පාසි ඇති නිසා වැලි ඉවත් කිරිමෙන් පසු පාසි ඉවත් වන බවට නිළධාරින් ආරම්භයේදි ප්‍රකාශ කල බවත්, එහෙත් මෙම ගැටළු හේතුවෙන් වැවට ලොකු විනාශයක් සිදුව ඇති බවයි. වැවෙහි ජලය මේ වන විට කිරිපාට වී ඇති අතර , දරුවන්ගේ පාසල් ඇදුමක් සොදා ගැනිමට, ඇඟපත සොදා ගැනිමට වැවෙහි ජලය යොදා ගැනිමට නොහැකි බවත්. ඇතැම් අවස්ථා වලදි ආහාර සකසා ගැනිමට සහ පානය කිරිමට මෙම ජලය උපයෝගි කර ගැනිමට සිදුව ඇති බැවින් බලධාරින් පැමිණ සොයාබලා නොබැලිම සම්බන්යෙන් කණගාටුවක් ඇති බවට ප්‍රකාශ කර සිටි.”

    කෙසේ වෙතත්, වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ සිදුකරගෙන යන වැලි ගොඩ දැමිමේ ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පානීය ජල ගැටළුවකට මෙන්ම සෞඛ්‍ය හානියකට මුහුණ දී ඇති අතර, අදාල තත්වයන් පිළිබදව නිසි බලධාරීන් කඩිනමින් කටයුතු කල යුතු තත්වයක් මේ වන විට නිර්මානය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.