Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්
    Featured

    රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

    By LFNSeptember 10, 2024No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

    රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

    යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීති හි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වාදෙයි.

    යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ය.

    මේ අතර දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේ දී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාරගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

    එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.