Author: LFN

පාදුක්ක ලියන්වල මාර්ගයේ තුත්තිරිපිටිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තබේ. ත්‍රීරෝද රථයක් පිටුපස බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් පාදුක්ක රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ 61 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අනතුරෙන් බස් රථයේ රියදුරු ද තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.

Read More

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ. 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය. ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි. පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික…

Read More

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත. මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසකි. පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.

Read More

පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම අද (12) එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසටය. ඊට අමතරව සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනය අද…

Read More

හිරියාල ගොවි ජනතාවට ගොවිතැන් සඳහා කුඹුරු අක්කර 8000 කට පමණ යල, මහ කන්නයන් සඳහා ජලය සපයන එකම ජලාශය වන බතලගොඩ වැවේ භූමි භාගය දිනෙන් දින අඩු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගයි. 2006 වර්ෂයේදි බතලගොඩ වැව් ඉස්මත්තේහි වැව්තාවුල්ල ආශ්‍රිතව එක්තරා පෞද්ගලික සමාගමක් විසින් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් ගොඩ කර කාබනික පොහොර කම්හලක් ආරම්භ කර ඇති බවත්, එමඟින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට මෙන්ම වැවේ මත්ස්‍ය සම්පතට එල්ල වූ හානිකර තත්ත්වය හේතුවෙන් මහජන විරෝධය එල්ල කර ඇති අතර, එම කම්හල 2010 වසරේදී අදාළ සමාගම විසින් ඉවත් කර ඇති නමුත්, කම්හල ඉදි කිරිම සඳහා පස් දමා ගොඩ කර වැව් ඉස්මත්තෙහි ඇති පස් නැවත ඉවත්කොට එම…

Read More

විදේශීය රටක සිට ක්‍රියාත්මක වන යූටියුබ් නාලිකාවක් මගින් මෙරට බුද්ධි යාන්ත්‍රණයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මෙම යූටියුබ් නාලිකාව මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර විකාශය කිරීම නිසා රටේ ජාතික ආරක්ෂාවට සහ බුද්ධි යාන්ත්‍රණයට තර්ජනයක් එල්ලවී ඇති බවට බුද්ධි අධ්‍යක්ෂවරයා කළ එම පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති. ශ්‍රී ලංකා පොලිසිය දේශපාපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය යනුවෙන් හැඳින්වෙන යුටියුබ් නාලිකාව විසින් මෙවැන්නක් සිදුකර ඇතැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව රහස් පොලිස් ආරංචි ශාර්ග සඳහන් කරයි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබේ. ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ ද තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතී. කෙසේවෙතත් අදින් පසුව තැපැල් ඡන්ද ඉල්ලුම් කළ කිසිදු රාජ්‍ය සේවකයෙකුට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව හිමි නොවන බව මැතිවරණ…

Read More

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු වසිරිස්තානයේ පොලිස් වෑන් රථයක් ඉලක්ක කර දුරස්ථ පාලක බෝම්බයක් පුපුරා හැර ඇති බවය. ඉන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු සහ සිවිල් වැසියන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වුණි.

Read More

දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය ඊයේ (11) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා ඒ් පිළිබඳව මෙලෙස අදහස් දක්වයි. “කැන්වසින්වලට ළමයි පාවිච්චි කරනවා. ඇඩ්වලට කුඩා දරුවෝ පාවිච්චි කරනවා. දරුවන්ව දේශපාලන කටයුතුවලට යොදා ගන්න බෑ. ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කළා. කිසිම පියවරක් අරගෙන නෑ. ඒ් නිසා අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස.” මේ අතර දරුවන් මැතිවරණ කටයුතු සඳහා එක්කර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.…

Read More