Author: LFN

පාකිස්තානයෙන් තවත් එම්පොක්ස් ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, පාකිස්තානයේ පෙෂාවර් නගරයෙන් හමුවූ පස්වන රෝගියා බවය. එම්පොක්ස් වෛරසයෙන් ළමුන්, ගර්භණී කාන්තාවන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.

Read More

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස…

Read More

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ ඊයේ සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය. ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.

Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව ඇත. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගය ගැනුණු නඩු ඊයේ (12) දින සමථයට පත් වූ බවයි. එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි. ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති…

Read More

මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය. ඔහු සඳහන් කළේ ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට ඡන්ද පොළට දුරකථන රැගෙන යෑම තහනම් බවය. මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, “මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට ඇවිත් නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ශක්තිය දාලා සිද්ධවෙන ඒවා නතර කරන්න. අනෙක් මාධ්‍යවලටත් ඒකම තමයි. නඩු දානවා… අරවා මේවා කරනවා කියලා මං කිව්වේ නැහැ. අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා.” “සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා…

Read More

2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අද (12) පස්වරුවේ නිකුත්කළ නිවේදනයකින් ඒ බව දැක්වෙයි. එහි දැක්වෙන පරිදි මෙම ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,229,245ක බදු ආදායමක් රැස්කර ඇත. කෙසේ නමුත් මෙම කාලසීමාව ඉකුත් වසරේදී රැස්කිරීමට හැකිව ඇත්තේ රුපියල් මිලියන 956,418කි. සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඔට්ටු සහ සූදු බද්ද, කොටස් ගනුදෙනු බද්ද හා වෙනත් බදු වර්ග යන බදු වර්ග කිහිපයක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම…

Read More

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට ‘ඩොලර් බැඳුම්කරහිමියන්’ දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය. එම වෙබ් අඩවියට අනුව මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ, රට තුළ තීව්‍ර වෙමින් පවතින දේශපාලන අවිනිශ්චිතතාවයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විපක්ෂයේ අපේක්ෂකයන් ඔවුන් බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කරගැනීමට නැවතත් සාකච්ඡා සඳහා යොමුවන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති බවය. බැඳුම්කරහිමියන් සමග ඇති කරගත් එකඟතාවල කොන්දේසි තවදුරටත් වෙනස් කිරීමට ශ්‍රී ලංකා…

Read More

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් මිලියන තිස්තුනක වටිනාකමින් යුත් තල්මස් වමනය හෙවත් ඇම්බර් 6 kg සමඟ වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු හොරණ ප්‍රදේශයේදී අද (12) දින මිරිහාන විශේෂ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් හොරණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, ඇම්බර් සඳහා විශාල ඉල්ලුමක් පවතින්නේ ලොව මිල අධිකතම සුවඳ විලවුන් සහ ඖෂධ නිෂ්පාදනයට එය භාවිත කිරීම හේතුවෙන් බවටද වාර්තාවේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය. සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වන දිනෙන් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින අතර මැතිවරණ දිනය තෙක් ඒ සදහා අවස්ථාව සලසා ඇති බවත් ඔහු පැවසුවේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.

Read More