Author: LFN
බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බේරුවල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් ඊයේ (13) පස්වරුවේ මෙලෙස බේරුවලදී පැවැත්වුණි. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා, “වාහන ආනයනය තහනම ඉවත් කළා. පුද්ගල ආදායම් බදු අඩු කරනවා. හැමෝටම යම් සහනයක් ලැබෙනවා. මෙහෙම දියුණු කරගෙන යනකොට ඒවා කඩාකප්පල් කරන්නද ලෑස්ති වෙන්නේ. අනුරගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් ඩොලරයකට රුපියල් 400ක් ඕන වෙයි. අනෙක් පැත්තෙන් ඉන්නවා සජිත්.…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය. ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්. ඒ. එල් රත්නායක මහතා පවසා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පොලිසිය වෙත පැමිණිලි 350ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ද ප්‍රකාශ කළේය.
ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එම දුම්රිය මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනයේ වෙමින් තිබුණි. මරණකරුවන් වයස අවුරුදු 45 සහ 55 වයස්වල පසුවූ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක පුද්ගලයෙක් එම ස්ථානයේම මියගොස් තිබුණි.
ආගමන හා විගමන පාලකවරයාට අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් ඉකුත් කළේය.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇත.
යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ. එම මුදල අමෙරිකානු ඩොලර් 200,000කට සමාන වෙයි. නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස මුලදී ඔවුන් වරදකරුවන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට තිබූ දඩය මෙරට වනජීවී අපරාධයක් සඳහා නියම කර ඇති ඉහළම දඩය නියම ලෙස සඳහන් වෙයි. තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් පසුගිය 3 වනදා එම නියම කරන කළේය. යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින් 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ…
ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය. ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව…
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (12) පස්වරුවේ නිවේදනය කළේය. මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවෙන් 16 දෙනාගේ මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඊට අමතරව මෙම සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් 06 දෙනෙකු මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල වැනි කොළඹින් එපිට ප්‍රදේශවලින්ද ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබේ. මේ අතර තරගාවලිය ඉලක්ක කරගමින් මූලික සංචිතයට මිතාලි අයෝධ්‍යා තෝරාගෙන සිටියද, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් එරන්දි හංසමාලි කැඳවා ඇත. සත්කාරක ඔස්ට්‍රේලියාව සමගින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය එක්දින…