Author: LFN
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇත්තේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවය. එමෙන්ම අපේක්ෂකයින් වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් එහි සඳහන් ව තිබේ. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව අනීතික ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ නම් ප්‍රවර්ධනය සිදුකරනු ලබන අපේක්ෂකයාට මෙන්ම ප්‍රවර්ධනයට ලක්වන අපේක්ෂකයාටද මැතිවරණ නීති ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.
නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇත. කෙසේ නමුත් මේ පිළිබඳ නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය පාලනය කර තිබේ. පසුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කැඳවා දියේ ගිලෙමින් සිටි කාන්තාවන් දෙදෙනා බේරාගෙන ප්‍රථමාධාර ලබාදී දෙමව්පියන් වෙත භාර දී ඇත. මෙලෙස අනතුරට පත්වූ කාන්තාවන් දෙදෙනා අවුරුදු 20 හා 25 වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.
රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. එම ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකුද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරු කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සඳහන් කළේය. අදාළ පුද්ගලයා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ දුම්වැටි 120,400ක් අඩංගු දුම්වැටි කාටූන් 602ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස සොයා…
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය. මත්පැන් සිල්ලරට අලෙවිකරනු ලබන සියලුම ස්ථාන මෙලෙස 21 සහ 22 වසා තැබීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සියලුම ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2025 වසරේ දී එලෙස දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිව ඇත. දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් දිරි ගැන්වීම සඳහා මේ වනවිට රුපියල් 5,000ක වාර්ෂික ගුරු දීමනාවක් ලබා දීම සිදු කරනු ලබයි. ඒ අනුව නිල ඇඳුම් දීමනාව සමග 2025 වර්ෂයේ දී එම ගුරුවරුන් සඳහා වාර්ෂිකව රුපියල් 7,500ක දීමනාවක් හිමිවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූලවය. මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ, පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථයි. වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කෙරෙන අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පැවසීය, “සියලුම වර්ගවල වාහන 2025 දෙවැනි මාසයේ පළවෙනිදා සිට ආනයනය කිරීම සඳහා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබේ. එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට අද සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටරය මෙලෙස කාර්මික දෝශයකට ලක්ව ඇත. ජීවිත හෝ දේපල හානී කිසිවක් සිදුව නොමැත. කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගුවන් හමුදාව විසින් කටයුතු කරගනු ලබන අතර එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සියලු ආරක්ෂක අංශ මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රීමත් ජවහර්ලාර් නේරූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැත් වූ සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය පැවසීය. තෙදිනක් පුරා (සැප්. 11,12,13) පැවැත් වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් හා ලෝඩක පදක්කම් 17ක් සමගින් පදක්කම් 35ක් දිනාගනිමින් සමස්ත අනුශූරතාව දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට කරට කර සටනක් දුන් ඉන්දියාව රන් පදක්කම් 21ක්, රිදී 22ක් හා ලෝකඩ 05ක් සමගින් පදක්කම් 48ක් දිනාගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කියුවේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිඳු…