Author: LFN
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට සැකකෙරෙන දිස්ත්‍රික් සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවය. හෙට (20) දිනයේ සිට පැය තුනකට වරක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර ආපදා මඟින් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද සිට ලබන 22 වන දින දක්වා…
කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසියට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම වෙළෙඳසැලේ හිමිකරු වේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත. ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවය. කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි. මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බව එහි සඳහන් ව තිබේ. අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට…
ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙහිඅත්තකණ්ඩිය අරගංවිල මාර්ගයේ 02 කණුව අසලදී අරගංවිල දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වූ පුද්ගලයෙකි. මැවච්චිය පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ මාරගහ වංගුව අසලදී රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවන්…
අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබේ. තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට පවා දැඩි හිංසන සිදුකරයි. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ සංචාරක මර්මස්ථානයක් වන කොක්ස් බසාර් කලාපයේදීය. අරගල ක්‍රියාකාරීන් තමන්ට අනන්‍ය ෂරියා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර, කාන්තාවන් හිජාබය හෝ බුර්කාව පැළඳ නැතැයි පවසමින් කාන්තාවන්ට පහර දී තිබේ. තමන්ගේ පැහැරගත් ජංගම දුරකථනය සොයාදෙන්නැයි ඉල්ලා පොලිස් ස්ථානයකට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරීන් ඉදිරියේම අරගල ක්‍රියාකාරීන්ගේ තාඩන පීඩනවලට ලක්ව ඇත.
2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවය. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මුලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. නැවත ණය සේවාකරණය ආරම්භවූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට ද…
ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ (16) දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. කඩවත නගරයේ හෝටලයක එම ෆේස්බුක් සාදය සංවිධානය කර තිබුණි. එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයන් හා තරුණියන්ද එක්ව සිටි බව වාර්තා වෙයි. එසේ සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට කරුණු අනාවරණය වී තිබුණි. අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර වන බව සුරාබදු…
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි. ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබේ. එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ…