Author: LFN

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඊයේ (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, “ඡන්ද විමසීම් දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව හා ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී…

Read More

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එමෙන්ම එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා දැනුම්දෙයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඊයේ (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා. “ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් ඒ ඡන්දපොළෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය…

Read More

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. මෙරට 09වන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙයි. ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විශේෂයෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ ඔබ විසින් ඡන්දදායකයන් හා ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් සමග සුහද සම්බන්ධතාවෙන් ක්‍රියා කළ යුතුය. ඔවුන් සමග කටයුතු කිරීමේදී අර්ථාන්විතව, කාරුණිකව, ඉවසීමෙන් ක්‍රියා කිරීම මැනවි. කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න. ඔබගේ රාජකාරී අපක්ෂපාතීත්වය තීරණාත්මක විමසුමකි. එමගින් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව ජනතාවට ප්‍රදර්ශනය වනු පමණක්…

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පවසා සිටියේ, ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (20) දිනයේ අමතර දුර ගමන් සේවා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Read More

අද (20) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40ක -45ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ. එම අවස්ථාවේ දී සැකකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු එම අවස්ථාවේ දී බීමත්ව සිට ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍යය වේ. කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක් කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක් කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින…

Read More

කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වෙයි. අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලිනි. ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ. අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තාවේ. කොළඹ දෙසට ධාවනය එක්පසක මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බව ද වාර්තා වේ.

Read More

තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ අද (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.

Read More