Author: LFN
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීය. අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි. 1992 වර්ෂයේ දී කැලණිය…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ. පිපිරීම සිදුවූයේ දකුණු ඉරානයේ කොරසාන් පළාතේ තාබාස් ප්‍රදේශයේ පිහිටි ගල් අඟුරු පතලේය. මෙම ගල් අඟුරු පතල වර්ග කිලෝ මීටර් 30,000 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. මෙය ඉරානයේ විශාලතම ගල් අඟුරු පතල ද වෙයි. පිපිරීමට හේතුව මීතේන් ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී ඇත. පිපිරීම හටගත් අවස්ථාවේ පතලේ 69 දෙනකු සේවය කරමින් සිටි බව කොරසාන් පළාතේ ආණ්ඩුකාර ජාවඩ් ගෙන්නාට්ස්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. පිපිරීමෙන් පසු පතලේ කොටස් කීපයක් කඩා වැටීමකට ලක් විය.…
ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයට ඊයේ (22) පස්වරුවේ තරගය නතරකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 08ක් බිඳවැටී ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ලකුණු 275ක ඉලක්කයක් හඹා යමින් සිටින ඔවුන් අද (23) දිනයේදී තවත් ලකුණු 68ක් රැස්කරගත යුතු අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 02ක් පමණි. ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින රචින් රවින්ද්‍රා ලකුණු 91ක් රැස්කරගෙන සිටින අතර, ඔහු සමගින් 09වැනි කඩුල්ලට ලකුණු 04ක සබඳතාවක් පවත්වාගෙන සිටින අජාස් පටෙල් මේ දක්වා ලකුණු රැස්කර නොමැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රමේෂ්…
පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ. – උපුටා ගැනීම – “ආයුබෝවන් ආදරණීය පුරවැසියනි, සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි…
රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ ඊයේ (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක්. ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. නීතියේ සංශෝධන අවශ්‍ය බව අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. රට පැති ගණනාවකින් අස්ථාවර වෙලා. රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා…
මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු අද (23) උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වෙයි. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය. එහිදී විද්‍යා – ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීය. 1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ…
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි. පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය. ඒ අනුව නොබෝ වේලාවකින් දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ. සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ “අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා.” යනුවෙනි.