Author: LFN

අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.

Read More

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබේ. එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණි. එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නොමැත.

Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය. මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය…

Read More

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ රුපියල් 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොතුහැර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

Read More

ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු බීමත්ව රාජකාරියේ නිරතව හේතුවෙන් ඊයේ (20) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව එම ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය වෙනත් වාහනයකින් රැගෙන යාමට බලධාරීන් පියවර ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත. ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි. මැතිවරණ දිස්ත‍්‍රික්ක…

Read More

දෙහිවල ප්‍රදේශයේදී අද (20) උදෑසන සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු බව සඳහන් ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අහංගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා අවුරුදු 30 සහ 38 වයසේ පසුවන අඟුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඒ අනුව අත්අඩංගුවට පත්වූවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ගොවියාපාන පාලම අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් බවට අනවරණය කරගැනීමට පොලීසියට හැකි වී ඇති බවද පැවසෙයි. මෙම ඝාතනය සිදුකර තිබුණේ ඊයේ (19) දිනයේදීය.

Read More