Author: LFN

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්වූ බවය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එමෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සිවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, එම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිඳු වැඩමුළුවක් සංවිධානය කර නොමැති බවය. “ශ්‍රී ලංකා රේගුවට අලුතින් සහකාර රේගු අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පසුගියදා පැවැත්වුණා. ඒ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අපි පිරිසකට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා කැඳවලා තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණය මේ මාසේ 27,28 හා 29 යන දවස් තුනේ සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර අපි පසුගිය කාලයේ දුටුවා සමාජ මාධ්‍ය ජාලවල රේගු නිලධාරීන් බදවා ගැනීමේ…

Read More

පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබේ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද දක්නට ලැබුණු බවය. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්ව තිබුණේ, අද (25) උදෑසන 05.30ට පමණය. රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබුණි. අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැත. පසුව යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණි.

Read More

දකුණු සූඩානයේ ජුබා අගනුවරදී දුර ගමන් බස් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් උගන්ඩා ජාතිකයෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (24) දින උදෑසන උගන්ඩාවේ කම්පාලා වෙත ගමන් කරමින් තිබූ මගී බස් රථයක් මෙම ප්‍රහාරය සඳහා ඉලක්ක කර ගෙන තිබූ අතර වෙඩි තැබීමෙන් අනතුරුව බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. තුවක්කුකරුවන් විසින් මගී බස් රථයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දකුණු සූඩානයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, රටේ බොහෝ ප්‍රදේශ අනාරක්ෂිත තත්තවයට පත්ව ඇති…

Read More

ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබේ 9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මේ සඳහා අවස්ථාව ලැබෙයි. කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය. මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය. ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි. මේ අතර, ‍ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම…

Read More

නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read More